ශ්‍රී ලංකාවට ලකුණු 429ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 429ක ඉලක්කයක් හිමිවී තිබෙනවා.

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය වන මෙය පැවැත්වෙන්නේ දිල්ලිහිදීයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 428ක් ලබා ගත්තා.

ක්වින්ටන් ඩි කොක් පන්දු 84කින් වේගවත් ලකුණු 100ක් ලබාගත්තේ හයේ පහර 3ක් සහ හතරේ පහර 12ක් ද සමගින්. ඔහු ලකුණු 100ක් ලබා සිටියදී මතීෂ පතිරණගේ පන්දුවකට ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියා.

Rassie van der Dussen ලකුණු 108ක් ලබා ගත්තේ පන්දු 110කින්. හතරේ පහර 13ක් සහ හයේ පහර 2ක් ඊට ඇතුලත්.

Aiden Markram 106යි. පන්දු 54කින් ලබාගත් එම ලකුණු 106ට හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් ද ඇතුලත් වුණා. ඔහු පන්දු 49කදී තම ශතකය රැස් කළ අතර එය එක්දින තරගයක වේගවත්ම ශතකය ලෙසිනුයි වාරතා අතරට එක්වන්නේ. David Miller පන්දු 21කින් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී දිල්ෂාන් මදුෂංක දකුණු අප්‍රිකා කණ්ඩායමේ කඩුලු 2ක් බිඳ හෙලුවා. කසුන් රාජිත, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

දකුණු අප්‍රිකා ඉනිමේදී 4 පහර 45ක් සහ 6 පහර 14ක් එල්ලවී තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා කණ්ඩායම අද ලබාගත් ලකුණු 428 එක්දින ක්‍රිකට් ලෝක කුසලානයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසට ද වාර්තා අතරට එක්ව තිබෙනවා.

එමෙන්ම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක කණ්ඩායමක් එක් ඉනිමකදී ශතක 3ක් රැස් කළ පළමු අවස්ථාව ද මෙය ලෙසටයි ක්‍රිකට් වාර්තා අතරට එක්වෙන්නේ.

ඊට අමතරව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවස්ථා 3කදී ලකුණු 400 ඉක්මවා ගිය පළමු කණ්ඩායම ලෙසට ද අද දකුණු අප්‍රිකාව වාර්තා අතරට එක්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.

South Africa Score
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
2
+1
8
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01