ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන 11වනදා ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන ඩිජිටල් ආර්ථික පරිවර්තනය වේගවත් කිරීමේ වැඩසටහන ඔක්තෝම්බර් මස 11වනදා සිට ක්‍රියාත්මක කිරීමට තාක්ෂණ අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්වයි ශ්‍රී ලංකාවේ පළමු වරට ඩිජිටල් ආර්ථික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන්නේ.

මේ වන විට සකස් කර තිබෙන ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්ති හරහා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා ගැනීමට හැකි වන බව රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළා.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (05) පැවති “DIGIECON 2030” වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක් වෙමින්.

ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලැස්ම මගින් හැකි වන බවත්, ඒ හරහා ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකියාව ලැබෙන බවත් රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඒ සඳහා ඩිජිටල් ආර්ථික සැලැස්ම සමාජගත කිරීම සහ ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට වැඩමුළු සහ සම්මන්ත්‍රණ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති බවයි කනක හේරත් මහතා ප්‍රකාශ කළේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ආරම්භ කළ “DIGIECON 2030” වැඩසටහනේ සමාරම්භය මෙම මස 11 වන දා පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

ඩිජිටල් ආර්ථිකයකට ශ්‍රී ලංකාව පත් කිරීමේ පරිවර්තනීය වෙනසත්, ශ්‍රී ලංකාවට ඩිජිටල් ආර්ථික සැලැස්මක් ඇති කිරීමත් මෙමගින් අපේක්ෂා කරනවා. දැනට ඩිජිටල් ආර්ථික ප්‍රතිපත්තිය සකස් කර අවසන් වී තිබෙනවා. අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා එම ප්‍රතිපත්තිය සකස් කිරීමේ කමිටු සභාපතිවරයා ලෙස විශාල කාර්යභාරයක් සිදු කළා.

ජාත්‍යන්තරයේ තරගකාරී ආර්ථික රටාවට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සූදානම් කිරීමට ඩිජිටල් ආර්ථික සැලසුම් මගින් හැකි වෙනවා. ඒ හරහා ඉදිරි දශකයේ දී ශ්‍රි ලංකාව තුළ ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට ද හැකියාව ලැබෙනවා.

ඩිජිටල් ආර්ථිකය දැනට දළ දේශීය නිෂ්පාදනයෙන් 4%ක දායකත්වයක් මෙරට ආර්ථිකයට ලබා දෙනවා. එය 2030 වන විට 15 % ක් දක්වා වර්ධනය කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙම වැඩසටහනේ සමාරම්භය ඔක්තෝම්බර් එකොළොස් වැනි දා සිදු කෙරෙනවා. ඊට සමගාමීව සමුළු සම්මන්ත්‍රණ හා වැඩමුළු 23ක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මෙම ක්‍රියාවලිය සඳහා දායකත්වය සපයන පෞද්ගලික ආයතනවලටත් මගේ ස්තුතිය පිරිනමනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43