AFC Banner
Empty Ad
Empty Ad

මාර්ග දෙපස අවදානම් ගස් ඉවත් කිරීම ගැන සොයා බලන්න උපදෙස්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානම් සහිත විශාල ගස් පිළිබඳව කඩිනම් අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි ගස් ඉවත් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ පළාත් පාලන ආයතන සමඟ මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණය වී කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිලධාරීන්ට නියෝග කර ඇති බවයි.

කඩිනමින් මෙවැනි සිදුවීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත්, කඩා වැටීමේ අවදානමක් සහිත මාර්ග දෙපස ඇති ගස් ඉවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.

අද උදෑසන කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ලිබර්ටි වටරවුම ආසන්නයේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මගීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබුවා. එම ඛේදජනක අනතුරෙන් පසුවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?