මාර්ග දෙපස අවදානම් ගස් ඉවත් කිරීම ගැන සොයා බලන්න උපදෙස්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානම් සහිත විශාල ගස් පිළිබඳව කඩිනම් අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි ගස් ඉවත් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ පළාත් පාලන ආයතන සමඟ මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණය වී කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිලධාරීන්ට නියෝග කර ඇති බවයි.

කඩිනමින් මෙවැනි සිදුවීම් වැළැක්වීමට පියවර ගන්නා ලෙසත්, කඩා වැටීමේ අවදානමක් සහිත මාර්ග දෙපස ඇති ගස් ඉවත් කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබෙනවා.

අද උදෑසන කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ලිබර්ටි වටරවුම ආසන්නයේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් මගීන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලැබුවා. එම ඛේදජනක අනතුරෙන් පසුවයි රාජ්‍ය අමාත්‍යවරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30