ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකුට එරෙහි නඩු 7ක් විභාගයට තීරණය කරයි

ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ හිටපු අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගෙන් ලබාගත් රුපියල් කෝටි 143කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකුට එරෙහිව රහස් පොලිසිය පවරා ඇති නඩු විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ තීරණය කර තිබෙනවා.

තමන්ට එරෙහිව ඇති නඩු හතට අදාළ සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන බ්‍රයන් තෝමස් මහතා අධිකරණය හමුවේ පැවසීමෙන් අනතුරුවයි අදාළ නඩු විභාග කිරීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කර ඇත්තේ.

අධිකරණය විසින් මීට පෙර අවස්ථාවක නිකුත් කර තිබූ සිතාසිවලට අනුව මෙම නඩු 7 කැඳවනු ලැබූ අවස්ථාවේදී බ්‍රයන් තෝමස් මහතා විවෘත අධිකරණයේ පෙනී සිට තිබෙනවා.

2017 වසරේ සිට අවස්ථා 20කදී දිනේෂ් ෂාෆ්ටර් යන අයගෙන් චෙක්පත් 20කින් රුපියල් කෝටි 143 කට අධික මුදලක් ලබාගෙන එම මුදල් ආපසු නොදී නොදී වංචා කළ බවට විත්තිකරුට එරෙහිව රහස් පොලිසිය මෙලෙස චෝදනා ගොනු කර ඇතැයි සඳහන්.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම් දුන්නේ නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත විත්තිකරුට එරෙහිව චෝදනා ගොනු කළ බවයි.

මෙම සියලු චෝදනාවන්ට තමන් නිවැරදිකරු බව විත්තිකාර බ්‍රයන් තෝමස් මහතා අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විත්තිකරුට එරෙහි නඩු විභාග කිරීමට විනිසුරුවරයා තීරණය කර ඇත්තේ.

  1. MARUNA EKA GONEK DHA BAN KOTI 143 CHECK WLIN NIKAN MA DEELA DANNA. UGE SALLI NOWEYI NE. MINISSU INSURANCE WALATA INVEST KARANA SALLI. DAN GANIPU EKA NIWERADHI KARU KIYALA KIYUWALU. YAKO SALLI ARAGENA DUNNE NATHINAM MARUNA EKAGE MARANAYATA PRADHANA SEKAKARU NAM U NIWERADHI KARU WENNE KOHOMA DHA. DAN SAKSHI SAHENNA WINASHA KARALA BRIBE KARALA KATAWAL WAHALA DALA ATHI.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14