AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවේ නව දිල්ලි නුවර භූකම්පනයක්

ඉන්දියාවේ නව දිල්ලි නුවර ආශ්‍රිතව භූකම්පනයක් සිදුව ඇති බව වාර්තා වනවා.

එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයේ මූලික දත්තවලට අනුව භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ 6.2ක් ලෙස සටහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තත්ත්පර 40කට වැඩි කාලයක් මෙම භූකම්පනය පැවති බවයි වාර්තා වන්නේ.

“දිල්ලි ජනතාව ! ඔබ සැම ආරක්ෂිත යැයි අපි බලාපොරොත්තු වෙමු. කරුණාකර ඔබේ ගොඩනැගිලිවලින් ආරක්ෂිත ස්ථානයකට එන්න, නමුත් කලබල නොවන්න. විදුලි සෝපාන භාවිත නොකරන්න, ඕනෑම හදිසි උපකාරයක් සඳහා 112 අමතන්න.” යනුවෙන් දිල්ලි පොලිසිය සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හෙවත් ට්විටර් හි විශේෂ සටහනක් යොදා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
1
+1
3
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?