ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අධිකරණයක් විසින් නිවැරදිකරුවෙකු ලෙස තීන්දුව ලබාදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක අද (03) යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
ධනුෂ්ක ගුණතිලක මෙලෙස යළි මව්බිමට පැමිණෙන්නේ මාස 11ක කාලයකින් පසුවයි.
ඒ, අනුව ධනුෂ්ක අද (03) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ධනුෂ්ක සමඟ ඔහුගේ කළමණාකරු සහ ඔහුගේ නීති කටයුතු සිදුවන අවස්ථාවේ දී ධනුෂ්ක සමඟ අධිකරණයට පැමිණෙමින් ඔහු අසළ සිටි විදෙස් ජාතික තරුණිය ද මෙලෙස දිවයිනට පැමිණෙන බවයි තොරතුරු දැනගන්නට ලැබුණේ.
පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ලිංගික අතවර කිරීමේ චෝදනා මත ගුණතිලක අත්අඩංගුවට ගැනීමේ පසු, ඔහුට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කටයුතු කළා.
අදාළ චෝදනා සම්බන්ධයෙන් ගුණතිලක ඕස්ට්‍රේලියාවේ සිඩ්නි අධිකරණය ඉදිරියේ නිවැරදිකරු බවට පසුගිය දා ඔප්පු වූවද, ඔහුට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ක්‍රිකට් ආයතන තවමත් තීරණයක් ගෙන නැහැ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකර කරුණු සලකා බලා සුදුසු තීරණයක් ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගිය දා ප්‍රකාශ කළා.


















PLEASE DO NOT DRAG THIS CASE FURTHER AND INSULT HIM FURTHER. BECAUSE VERY INDEPENDANT COURT JUDGE GIVEN THE VERDICT IN FAVOUR OF HIM. SO AS CIVISIED PEOPLE WE SHOULD ALWAYS BOW TO THE LAW AND ORDER. LET HIM FREEELY LIVE LIKE HOW YOU AND i LIVE. THAT IS HIS RIGHT, SO LET IT BE LIKE THAT.