ප්ලාස්ටික් තහනම අද සිට වීඩියෝ (වීඩියෝ)

තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අද (01) දිනයේ සිට ක්‍රියාත්මක බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

ඒ,අනුව ප්ලාස්ටික් වර්ග 09ක් මෙම තහනමට යටත්වන ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අනුව වරක් පමණක් භාවිත කරනු ලබන ප්ලාස්ටික් බීම බට හා කැලතීමේ උපකරණ, ප්ලාස්ටික්වලින් නිර්මාණය කරන ලද යෝගට් හැඳි මෙන්ම වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් කෝප්ප, පිඟන්, යෝගට් කෝප්ප, හැඳි, ගෑරුප්පු හා ප්ලාස්ටික් පිහි, ප්ලාස්ටික් මල් මාලා, ප්ලාස්ටික්වලින් නිර්මිත ඉඳි ආප්ප වට්ටි නිෂ්පාදනය කිරීම, ආනයනය කිරීම, විකිණීම, දේශීය වශයෙන් භාවිත කිරීම තහනම් වනවා.

ප්ලාස්ටික් මඟින් සිදුවන විශාල පරිසර දූෂණය වැළැක්වීම හා පාරිසරික ගැටළු අවම කිරීම මෙලෙස තනි භාවිත හා කෙටි කාලීන ප්ලාස්ටික් තහනම් කිරීමේ මූලික අරමුණ වී තිබෙනවා.

ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහි ව නීතියමය පියවර ගැනීමට නියමිතයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ අද සිට ඊට අදාළ වැටලීම් සිදු කිරීමට ද පියවර ගන්නා බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27