IMF ඉදිරිපත් කළ එකඟතාවලට එළඹීමට ඉදිරි සති කිහිපය තුළදී හැකියි – ෂෙහාන් සේමසිංහ

රටක ඇති වූ අර්බුදකාරී තත්ත්වය නැවත රට තුළ ඇති නොවීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර වසරක වැනි කාලයක් තුළදී ස්ථාවරත්වයක් පෙන්නුම් කරන ලෝකයේ ප්‍රථම රටවල් තුන ඇතුළත ශ්‍රී ලංකාව පවතින බව වැඩබලන මුදල් අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (30) අනුරාධපුර, තිරප්පනය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

රටේ ජනතාවට නැවත ගොඩනැගී ස්ථාවර ආර්ථික ක්‍රමයක් දක්වා ගමන් කිරීමට හැකි මාර්ගය මේ වන විට වත්මන් රජය විසින් නිර්මාණය කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

විවිධ කණ්ඩායම් විවේචන පමණක් ඉදිරිපත් කළ ද රජයේ වැඩ පිළිවෙල හැරෙන්නට ලෝකයේ අනෙකුත් රටවල් පිළිගන්නා කිසිදු වැඩපිළිවෙළක් වත්මන් රජයට හෝ මෙරටට සහාය දක්වන කිසිදු රටකට එම විවේචන කණ්ඩායම් මගින් ලබාදී නොමැති බවයි ඔහු පැවසුවේ.

අස්වැසුම ප්‍රතිලාභ මගින් පවුල් ලක්ෂ විස්සකට එම ප්‍රතිලාභ ලබාදීමට සැලසුම් කළ ද මේ වන විට රජය මඟින් එම ප්‍රතිලාභ ලබා දී ඇත්තේ පවුල් ලක්ෂ දොළහකට පමණක් බවත්, සහාය ලබා නොදුන් ඇතැම් නිලධාරීන්ගේ සහ බිම් මට්ටමේ සහාය නිසියාකාරව ලැබෙන්නේ නම් ඉතිරි පවුල් ලක්ෂ අට සඳහා ද හෙට දිනයේ සිට හෝ ප්‍රතිලාභ ලබාදීමට හැකියාව පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මෙම වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන අටසීය පනහක මුදලක් ලබාදීමට ලෝක බැංකුව විසින් මේ වන විටත් සහාය පළකර ඇති බවත්, මෙම මුදල් කිසිවිටෙක පසුගිය වසරේ මෙන් සෞඛ්‍ය , පොහොර හා ගෑස් වැනි සේවාවන් වැය කළා මෙන් ‘ප්‍රතිඅරමුණගත කිරීමක් ‘ නොවන බවත් 2024 වර්ෂය ආර්ථික වර්ධනයක් කරා ගෙන යෑමට හැකි වන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ එකඟතාවයන් වලට එළඹීමට ඉදිරි සති කිහිපය තුළදී හැකි වන බවත් ,එමඟින් දෙවන වාරිකය ලබාගැනීමට හැකි වාතාවරණයක් ඇති වන අතර බදු එකතු කිරීමේ ජාලය පුළුල් නොවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කාර්ය මණ්ඩලයට එකඟතාවයට පැමිණීමට නොහැකිවීමට බලපෑ එක හේතුවක් බවත් වැඩබලන මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මෘදුකාංගය යාවත්කාලින කර නව ක්‍රමවේදයක් අනුව බදු එකතු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත්, ඒ තුළින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගන්නවාසේම ජනතාවට ලබාදෙන ප්‍රතිලාභ පිළිබඳවත් අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32