සුරාබදු නියාමකට කඩුවකින් කොටා සල්ලි කොල්ල කෑ මත් ජාවාරම්කරුවන් දෙදෙනෙක් අල්ලයි

සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නියාමකවරයෙක්ට තියුණු ආයුධයකින් පහර දී ඔහු සතුව තිබූ රුපියල් 245,000 ක මුදලක් කොල්ල කෑ පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරයින් මත්කුඩු සමඟ මතුගම, ඕවිටිගල ප්‍රදේශයේ දී පුද්ගලයකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මෙම සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු බදුරලිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මතුගම, සිරිකඳුර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරකට අනුව සුරාබදු නිලධාරීන් වෙස් වලාගෙන මත්ද්‍රව්‍ය මිලදී ගන්නා මුවාවෙන්එම ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුණගැසී තිබෙනවා.

එහිදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සුරාබදු නිලධාරීන් නොමඟ යවමින් උපක්‍රමයක් යොදා සුරාබදු නියාමකවරයෙකු කැලෑබද ප්‍රදේශයට ගෙන්වාගෙන නියාමකවරයාට කඩුවකින් පහර දී ඔහු සතුව තිබූ මුදල් කොල්ල කා පළා ගොස් තිබුණා.

එම පහර දීමෙන් නියාමකවරයාගේ දකුණු අතට තුවාල සිදුව කොළඹ ජාතික රෝහල වෙත ද ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා මතුගම පොලිසිය වෙත භාරදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25