Empty Ad
Empty Ad
AFC Banner

බලපෑම් සහ මරණ තර්ජන හමුවේ මුලිතිව් මහේස්ත්‍රාත්වරයා ධුරය හැර යයි

මුලිතිව් මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ටී. සරවනරාජා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව වාර්තා වනවා.

සිය වෘත්තිය සම්බන්ධයෙන් ඇති වූ මරණ තර්ජන, බලපෑම් හමුවේ මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කළේ.

තම ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාවට යොමු කිරීමට කටයුතු කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

කුරුන්දි විහාරය සම්බන්ධ අන්දෝලනාත්මක නඩුව සහ කොක්කුතුඩුවායි ප්‍රදේශයෙන් මිනිස් අස්ථි කොටස් සොයා ගැනීමේ සිද්ධියට අදාළ මුලික පරීක්ෂණ කටයුතු සිදුකෙරුණේ ද ටී. සරවනරාජා විනිසුරුවරයා ඉදිරියේදී යි.

1 4
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
2
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?