නෙදර්ලන්තයේ වෙඩි තැබීමක් – 14 හැවිරිදි දැරියක් ඇතුළු තුනක් මරුට (ඡායාරූප)

නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදු කළ වෙඩි තැබීමකික් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රොටර්ඩෑම් නගරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් තුළ සිදුකළ වෙඩි තැබීම් දෙකකින් ඔවුන් මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වෙඩි තැබීමෙන් 39 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 14 හැවිරිදි දියණිය සහ 43 හැවිරිදි කථිකාචාර්යවරයකු මෙලෙස මියගොස් තිබෙනවා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා නෙදර්ලන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, 32 හැවිරිදි සැකකරු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළු වී ඇත්තේ ප්‍රධාන දොරටුවෙන් නොවන බවයි අනාවරණය වී ඇත්තේ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.