ක්‍රිකට් ආයතනය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ‘බෝර්න් අගේන්’ කමිටු වාර්තාවේ පරීක්ෂණයෙන් පසු

ඉකුත් වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ‘බෝර්න් අගේන්’ ආගමික නිකායෙන් බලපෑමක් සිදු වී තිබේදැයි යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ විමර්ශන කමිටු වාර්තාවට අදාළව රජයේ විගණකාධිපතිවරයා විසින් පවත්වන පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලබා දී තිබෙන ප්‍රතිඥාව නොවැම්බර් මස 07 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බව අද (26) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා.

අදාළ පරීක්ෂණ කමිටු වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගොනුකළ පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා විසින් මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම අද (26) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා දැනුම් දුන්නේ මෙම කරුණට අදාළව විමර්ශන සිදුකළ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබී තිබෙන බවත්, එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා බවයි.

මෙහිදී අතරමැදි පෙත්සම්කරුවකු වශයෙන් ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ද අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණයක් ගෙන දැනුම් දෙන තුරු මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම නොවැම්බර් මස 07 වනදා කැඳවීමට නියම කෙරුණා.

පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටින්නේ 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීම් කටයුතු වලදී “බෝර්න් අගේන්” ආගමික නිකායේ බලපෑමක් සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුව විසින් විමර්ශන වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත්, එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි මෙන්ම පදනම් විරහිත මට්ටමක පවතින බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එබැවින් අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාව බලරහිත කිරීමෙන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

මෙහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නීතිඥ සංජය ෆොන්සේකාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45