ක්‍රිකට් ආයතනය ගැන ඉදිරි ක්‍රියාමාර්ග ‘බෝර්න් අගේන්’ කමිටු වාර්තාවේ පරීක්ෂණයෙන් පසු

ඉකුත් වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ‘බෝර්න් අගේන්’ ආගමික නිකායෙන් බලපෑමක් සිදු වී තිබේදැයි යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ විමර්ශන කමිටු වාර්තාවට අදාළව රජයේ විගණකාධිපතිවරයා විසින් පවත්වන පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ලබා දී තිබෙන ප්‍රතිඥාව නොවැම්බර් මස 07 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බව අද (26) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබුවා.

අදාළ පරීක්ෂණ කමිටු වාර්තාව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගොනුකළ පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා විසින් මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම අද (26) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා දැනුම් දුන්නේ මෙම කරුණට අදාළව විමර්ශන සිදුකළ රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාව ලැබී තිබෙන බවත්, එය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඉදිරියේදී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට පියවර ගන්නා බවයි.

මෙහිදී අතරමැදි පෙත්සම්කරුවකු වශයෙන් ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා ද අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම කරුණු සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තීරණයක් ගෙන දැනුම් දෙන තුරු මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම නොවැම්බර් මස 07 වනදා කැඳවීමට නියම කෙරුණා.

පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටින්නේ 2022 වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තේරීම් කටයුතු වලදී “බෝර්න් අගේන්” ආගමික නිකායේ බලපෑමක් සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් හිටපු මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කළ බවයි.

එම කමිටුව විසින් විමර්ශන වාර්තාවක් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත්, එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි මෙන්ම පදනම් විරහිත මට්ටමක පවතින බවත් ඉන් තමන්ට දැඩි අගතියක් සිදුවන බවත් සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එබැවින් අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ පරීක්ෂණ වාර්තාව බලරහිත කිරීමෙන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණා.

මෙහිදී පෙත්සම්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නීතිඥ සංජය ෆොන්සේකාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?