AFC Banner
Empty Ad
Empty Ad

ජනපති යළි දිවයිනට

කියුබා සහ ඇමෙරිකා නිල සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

අද උදෑසන 08.32ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 15 වනදා සිට 16 වනදා දක්වා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වුණා.

ඉන් අනතුරුවයි පසුගිය 19 වනදා සිට 21 වනදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූයේ.

ඇමරිකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්, මැලේසියා අගමැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ, පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් මෙන්ම ඉරාන ජනපති ඇතුලු රාජ්‍ය නායකයින් රැසක් හමුවී සාකච්ඡා කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?