ජනපති යළි දිවයිනට

කියුබා සහ ඇමෙරිකා නිල සංචාරය නිමා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි.

අද උදෑසන 08.32ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ EK- 650 දරන ගුවන් යානයෙන් ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 15 වනදා සිට 16 වනදා දක්වා කියුබාවේ හවානා නුවර පැවති ජී.- 77 රාජ්‍ය නායක සමුළුවට සහභාගී වුණා.

ඉන් අනතුරුවයි පසුගිය 19 වනදා සිට 21 වනදා දක්වා ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූයේ.

ඇමරිකා සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන්, මැලේසියා අගමැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ, පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් මෙන්ම ඉරාන ජනපති ඇතුලු රාජ්‍ය නායකයින් රැසක් හමුවී සාකච්ඡා කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25