කාටත් නොකියා රට රස්සාවට ගිය නර්ස්ට මාස 03ක් මෙහෙන් පඩි ගෙවලා

පෙර දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා නොකර විදේශ ගත වූ හෙදියකට මාස තුනකට අධික කාලයක සිට රුපියල් ලක්ෂ 03 කට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.

මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය මඟින් මෙම පරීක්ෂණය පවත්වන බවයි තොරතුරු වාර්තා වන්නේ.

හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිටි හෙදියක් මෙලෙස පෙර දැනුම්දීමකින් තොරව පසුගිය මාර්තු මාසයේ සිට සේවය අතහැර සිංගප්පූරුවේ රැකියාවක් සඳහා ගොස් ඇති බවයි වාර්තා වුණේ.

අදාළ හෙදිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තයක් යටතේ හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට මාරුවීම් ලබා පැමිණ තිබූ බව සඳහන්.

එම හෙදිය සේවය අතහැර විදෙස් ගත වූ පසුවත් මාස තුනක පමණ කාලයක් ඇයට, ඇයගේ මාසික වැටුප බැංකු ගිණුමට ගිණුම්ගත කර ඇති බවට සිදුකළ විගණන පරීක්ෂණයක දී හෙළිව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේනක තලගලගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගෙන් සහ පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාළ ලේඛණ භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් මේ වනවිටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඓතිහාසික උරුමයේ පාදම රැකගෙන යාමට සමත් යෞවනයන් රට තුළ සිටිනවා
06:12
Video thumbnail
දේශපාලන වේදිකාවක පෙරහර නතර කිරීම ගැන සාකච්ඡා කරන්න බෑ - ජනපති අනුරගෙන් සැර කතාවක්
02:57
Video thumbnail
ජනපති අනුර දළදා පෙරහර ගැන හෙළිකළ දේ - රාජ්‍යත්වයත්, දළදා වහන්සේ අතර අත්හරින්න බැරි ඉතිහාසයක් තියෙනවා
05:50
Video thumbnail
දළදා පෙරහර සාර්ථකව අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට ලබාදෙයි
11:23
Video thumbnail
අයිස් චෝදනාවකට අත්අඩංගුවට ගත් නවුෆර් තැනැත්තාගේ මිලියන 56ක වත්කම් අක්‍රීය කරයි
01:28
Video thumbnail
නාමල් ගහන මඩ ප්‍රචාරයකට පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?මේ ජවිපෙන් හදපු බොරු මඩ ප්‍රචාර
12:36
Video thumbnail
වමට Signal දාලා ආණ්ඩුව දකුණට හරවගෙන යන්නේ - තාම ප්‍රමාද නෑ මැද මාවතට එන්න
01:40
Video thumbnail
මයික් එකට පිටුපා ගිය මුරුත්තෙට්ටුවේ හිමියෝ - නෑ නෑ මම කිසිම පක්ෂයක් ගැන කතා කරන්නේ නෑ
00:30
Video thumbnail
මයික් දැක්ක ගමන් යකා නැග්ග අධිකරණ ඇමති - "මේ තියෙන මයික් මට දිරවන්නේ නැ"
02:47
Video thumbnail
22 ගැන කට ඇරපු ගම්මන්පිල - 22 ගැන ආණ්ඩුවේ වැඩේ කරලා ඉවරයි..අපේ වගකීම අපිත් කළා
01:15