පෙර දැනුම්දීමකින් තොරව සේවයට වාර්තා නොකර විදේශ ගත වූ හෙදියකට මාස තුනකට අධික කාලයක සිට රුපියල් ලක්ෂ 03 කට ආසන්න මුදලක් වැටුප් ලෙස ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර තිබෙනවා.
මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් කාර්යාලය මඟින් මෙම පරීක්ෂණය පවත්වන බවයි තොරතුරු වාර්තා වන්නේ.
හතරලියද්ද ප්‍රාදේශීය රෝහලේ සේවය කරමින් සිටි හෙදියක් මෙලෙස පෙර දැනුම්දීමකින් තොරව පසුගිය මාර්තු මාසයේ සිට සේවය අතහැර සිංගප්පූරුවේ රැකියාවක් සඳහා ගොස් ඇති බවයි වාර්තා වුණේ.
අදාළ හෙදිය තෙල්දෙණිය රෝහලේ සිට අනුයුක්තයක් යටතේ හතරලියද්ද ප්‍රාදේශීය රෝහලට මාරුවීම් ලබා පැමිණ තිබූ බව සඳහන්.
එම හෙදිය සේවය අතහැර විදෙස් ගත වූ පසුවත් මාස තුනක පමණ කාලයක් ඇයට, ඇයගේ මාසික වැටුප බැංකු ගිණුමට ගිණුම්ගත කර ඇති බවට සිදුකළ විගණන පරීක්ෂණයක දී හෙළිව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගලගේ මූලිකත්වයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
හතරලියද්ද රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුගෙන් සහ පළාත් සභාවට අයත් රෝහල්වල වැටුප් ගෙවීම් කටයුතුවලට අදාළ ලේඛණ භාරව සිටින නිලධාරීන් පිරිසකගෙන් මේ වනවිටත් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන්.














OKATA PERANI SINHALA KIYAMANAK THIYENAWA. GURA HITAGENA KORANAKOTA GOLAYO DUWA DUWA KORANAWA KIYALA. MAHAEWUN MAHA BANKU PITIN PILLI ARINAKOTA PODI EWUN PADI PANKUWA TA HARI THATU KARANNA HITHENAWA NEH.