හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ්ට ගෙවීම් කිරීම Youtube ආයතනය නවතා දමයි

පසුගිය දා ස්ත්‍රී දූෂණ, ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සුපිරි හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් හට ගෙවීම් නතර කිරීමට යූටියුබ් ආයතනය තීරණය කර තිබෙනවා.

ඊට හේතු ලෙස යූටියුබ් ආයතනය දක්වා ඇත්තේ රසල් විසින් යූටියුබ් ආයතනයේ නිර්මාපක වගකීම් ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

කිසියම් නිර්මාපකයෙකු වේදිකාවෙන් පිටත හැසිරීම අපගේ පරිශීලකයින්ට, සේවකයින්ට හෝ පරිසර පද්ධතියට හානි කරයි නම්, ප්‍රජාව ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවයි එම ආයතනය වැඩිදුරටත් සඳහන් කළේ.

රසල් බ්‍රෑන්ඩ්ගේ යූටියුබ් නාලිකාව වටා මිලියන 6.61ක ග්‍රාහකයින් සංඛ්‍යාවක් එක් රොක්ව සිටින අතර, යූටියුබ් ආයතනයේ මෙම තීරණය ඔහුට එල්ල කළ දැවැන්ත මූල්‍ය පහරක් බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

2006 සිට 2013 දක්වා කාලය තුළ කාන්තාවන් සිව්දෙනෙකුට රසල් විසින් ලිංගික අතවර කර ඇති බවට පසුගිය දා චෝදනා එල්ල වුණා.

ද සන්ඩේ ටයිම්ස්, ද ටයිම්ස් සහ චැනල් 4 නාළිකාවේ ඩිස්පෑචස් යන වාර්තාමය වැඩසටහන් ඒකාබද්ධව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි ඔහුට එම චෝදනා එල්ලකර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම චෝදනාවන් පදනම් විරහිත බව හොලිවුඩ් නළු රසල් බ්‍රෑන්ඩ් පවසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32