ඇමෙරිකන් එක්ස් එල් බුලි සුනඛයින් මහා බ්‍රිතාන්‍යයේ තහනම්

ඇමෙරිකන් එක්ස් එල් බුලි වර්ගයේ සුනඛයින් බ්‍රිතාන්‍ය තුළ තහනම් කිරීමට අග්‍රාමාත්‍ය රිෂී සුනාක් ප්‍රමුඛ බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා.

ඒ, අනුව මෙම වසරේ අවසානයේ සිට මහා බ්‍රිතාන්‍ය තුළ අදාළ සුනඛයින් තහනම් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

මෙම තහනමට අනුව ඇමෙරිකන් එක්ස් එල් බුලි වර්ගයේ සුනඛයින් අලුතින් ඇති කිරීම කළ නොහැකි අතර, මේ වනවිට ඇති කරන සුනඛයින් මරා දැමීමක් සිදුනොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇමෙරිකන් එක්ස් එල් බුලි වර්ගයේ සුනඛයින්ගේ ප්‍රහාරයට ලක්ව බ්‍රිතාන්‍යයේ පුද්ගල මරණයක් වාර්තාවීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම ඇමරිකන් බුලි විශේෂිත අභිජනනයක් ලෙස එක්සත් ජනපදය පිළිගන්නා අතර, බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සුනඛ සංගම් එය පිළිගැනීමක් සිදු කරන්න නැහැ.

එක්සත් රාජධානියේ ප්‍රචාරක කණ්ඩායමක් වන Bully Watchට අනුව, මෙම වර්ගයේ අභිජනනය එක්සත් රාජධානියේ 2014 හා 2015 දී පමණ දර්ශනය වූ අතර, කොරෝනා වසංගතය තුළ එම සංඛ්‍යා වේගයෙන් වර්ධනය වී තිබෙනවා.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ගේ මෙම තීරණයට ඇතැම් පිරිස් සිය අප්‍රසාදය පළ කර සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12