අවන්හලේ එකට මත්පැන් බී මිනී මරාගෙන

වරකාපොළ, වාරියගොඩ ප්‍රදේශයේ අවන්හලක් අසල දී පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී 11.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ඝාතනය සිදුකළ තැනැත්තා ඊයේ රාත්‍රියේ අවන්හල තුළ මත්පැන් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ බව කියන බහින් බස්වීමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක්වූ තැනැත්තා වයස අවුරුදු 44ක වරකාපොළ, වැදිකන්ද ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙක්.

මෙම ඝාතනය සිදුකළ සැකකරු ඊයේ (17) රාත්‍රියේම වරකාපොළ පොලිසිය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරකාපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
10
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23
Video thumbnail
බෝ ගසක අත්තක් ත්‍රී රෝදයක් මතට කඩා වැටී සිදු වූ අනතුර
00:38
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය ජලයෙන් යටවෙයි
00:47
Video thumbnail
අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමි කරන්නේ රංගනයක්..?
07:06
Video thumbnail
මහ වැස්සෙන් කළුතර ප්‍රදේශයේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි
01:26
Video thumbnail
මහරගම - පිළියන්දල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යටවෙයි
01:22