spot_imgspot_img

අවන්හලේ එකට මත්පැන් බී මිනී මරාගෙන

වරකාපොළ, වාරියගොඩ ප්‍රදේශයේ අවන්හලක් අසල දී පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (17) රාත්‍රී 11.30ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනයට ලක් වූ පුද්ගලයා සහ ඝාතනය සිදුකළ තැනැත්තා ඊයේ රාත්‍රියේ අවන්හල තුළ මත්පැන් පානය කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇති වූ බව කියන බහින් බස්වීමක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට ලක්වූ තැනැත්තා වයස අවුරුදු 44ක වරකාපොළ, වැදිකන්ද ප්‍රදේශයේ පදිංචි අවිවාහක පුද්ගලයෙක්.

මෙම ඝාතනය සිදුකළ සැකකරු ඊයේ (17) රාත්‍රියේම වරකාපොළ පොලිසිය වෙත භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වරකාපොළ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
10
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?