මඩේ එරුණු අලි මව සහ පැටවා බේරා ගත් මෙහෙයුම (වීඩියෝ)

සෝමාවතිය රක්ෂිතයේ මලල්ආරු ගගේ දින කිහිපයක සිට මඩේ එරී සිටි කෙනෙරක සහ පැටවෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දින ගණනාවක සිට මඩේ එරී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි මෙම සත්වයන් දෙදෙනා වනජීවී නිලධාරීන් විසින් සිදු කළ දීර්ඝ මෙහෙයුමකින් පසු ගොඩ ගැණුනු බවයි.

මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයෙකු මෙම අලි මව සහ පැටවා මඩේ එරී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් සෝමාවතිය හා සුංගාවිල වනජීවී කාර්යාල නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුවයි එම වන අලි මව සහ පැටවා බේරා ගැනීමේ මෙහෙයුමක් ඊයේ ආරම්භ කරනු ලැබුවේ.

මඩේ එරී සිටි වන අලි පැටවා දැඩි පරිශ්‍රමයක් දරා පළමුවෙන් වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගොඩ ගෙන තිබෙනවා.

කෙසේ නමුත් කෙනෙර මඩෙන් ගොඩට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූව ද එම ප්‍රදේශයේ පැවති දුෂ්කර තත්වය හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාව මත එම කටයුතු අද දිනයට කල් දමනු ලැබුවා.

ඒ අනුව අද උදෑසනම සෝමාවතිය සහ සුංගාවිල වනජීවී කාර්යාලවල හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ විශාල පිරිසකගේ මෙන්ම ගම්වාසීන්ගේ දැඩි උත්සාහය මත අලි මව ද ගොඩ ගෙන තිබෙනවා.

මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණික තත්වය හේතුවෙන් වන අලි ආහාර සහ ජලය නොමැතිව දැඩි පීඩාවකට ලක්ව සිටින අතර එලෙස ආහාර හා ජලය සොයා පැමිණි කෙනෙර සහ පැටවා මෙලෙස මලල්ආරු ගඟේ එරී ඇති බවයි හෙළිවී ඇත්තේ.

දින කිහිපයක් නිරාහාරව සහ ජලය නොමැතිව සිටි මෙම වන අලි විජලනයට ලක්ව සිටින අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ ශරීර ශක්තිය දුර්වල වී පවතින බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.

දුර්වල තත්වයේ සිටි වන අලි පැටවාට ඊයේ සවස සිටම පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රතිකාර කරනු ලැබූ අතර අලි මව ගොඩට ගැනීමෙන් පසු එම සත්වයාට ප්‍රතිකාර කිරීමේ කටයූතු ද අද සවස ආරම්භ කර තිබෙනවා.

පල්ලියගොඩැල්ල ගම්මානයේ සිට කිලෝ මීටර් 10ක් පමණ ඉතා ඈත දුෂ්කර ප්‍රදේශයකදී මෙම අලි මව සහ පැටවා මෙලෙස මඩේ එරී අනතුරට පත්ව සිටි බව සඳහන්.

අප වාර්තාකරු සඳහන් කළේ එම ප්‍රදේශයට ළඟා වීමට විශාල කාලයක් හා දුෂ්කර මගක් ගෙවා දැමීමට වනජීවී නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට සිදුවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?