මඩේ එරුණු අලි මව සහ පැටවා බේරා ගත් මෙහෙයුම (වීඩියෝ)

සෝමාවතිය රක්ෂිතයේ මලල්ආරු ගගේ දින කිහිපයක සිට මඩේ එරී සිටි කෙනෙරක සහ පැටවෙකු බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ දින ගණනාවක සිට මඩේ එරී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි මෙම සත්වයන් දෙදෙනා වනජීවී නිලධාරීන් විසින් සිදු කළ දීර්ඝ මෙහෙයුමකින් පසු ගොඩ ගැණුනු බවයි.

මහවැලි ගඟේ මසුන් මැරීම සඳහා ගිය පුද්ගලයෙකු මෙම අලි මව සහ පැටවා මඩේ එරී සිටිනු දැක ඒ සම්බන්ධයෙන් සෝමාවතිය හා සුංගාවිල වනජීවී කාර්යාල නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

ඒ අනුවයි එම වන අලි මව සහ පැටවා බේරා ගැනීමේ මෙහෙයුමක් ඊයේ ආරම්භ කරනු ලැබුවේ.

මඩේ එරී සිටි වන අලි පැටවා දැඩි පරිශ්‍රමයක් දරා පළමුවෙන් වනජීවී නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව ගොඩ ගෙන තිබෙනවා.

කෙසේ නමුත් කෙනෙර මඩෙන් ගොඩට ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරූව ද එම ප්‍රදේශයේ පැවති දුෂ්කර තත්වය හා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීමේ දුෂ්කරතාව මත එම කටයුතු අද දිනයට කල් දමනු ලැබුවා.

ඒ අනුව අද උදෑසනම සෝමාවතිය සහ සුංගාවිල වනජීවී කාර්යාලවල හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ විශාල පිරිසකගේ මෙන්ම ගම්වාසීන්ගේ දැඩි උත්සාහය මත අලි මව ද ගොඩ ගෙන තිබෙනවා.

මේ දිනවල පවතින දැඩි වියළි කාළගුණික තත්වය හේතුවෙන් වන අලි ආහාර සහ ජලය නොමැතිව දැඩි පීඩාවකට ලක්ව සිටින අතර එලෙස ආහාර හා ජලය සොයා පැමිණි කෙනෙර සහ පැටවා මෙලෙස මලල්ආරු ගඟේ එරී ඇති බවයි හෙළිවී ඇත්තේ.

දින කිහිපයක් නිරාහාරව සහ ජලය නොමැතිව සිටි මෙම වන අලි විජලනයට ලක්ව සිටින අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ ශරීර ශක්තිය දුර්වල වී පවතින බව වනජීවී නිලධාරීන් සඳහන් කළා.

දුර්වල තත්වයේ සිටි වන අලි පැටවාට ඊයේ සවස සිටම පශු වෛද්‍ය නිලධාරීන් ප්‍රතිකාර කරනු ලැබූ අතර අලි මව ගොඩට ගැනීමෙන් පසු එම සත්වයාට ප්‍රතිකාර කිරීමේ කටයූතු ද අද සවස ආරම්භ කර තිබෙනවා.

පල්ලියගොඩැල්ල ගම්මානයේ සිට කිලෝ මීටර් 10ක් පමණ ඉතා ඈත දුෂ්කර ප්‍රදේශයකදී මෙම අලි මව සහ පැටවා මෙලෙස මඩේ එරී අනතුරට පත්ව සිටි බව සඳහන්.

අප වාර්තාකරු සඳහන් කළේ එම ප්‍රදේශයට ළඟා වීමට විශාල කාලයක් හා දුෂ්කර මගක් ගෙවා දැමීමට වනජීවී නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට සිදුවූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44