නිරුවත් ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන අයට දැඩි දඬුවම්

නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද තැනැත්තන්ට දැඩි දඬුවම් පැනවිය හැකි වන පරිදි නව නීති සකස් කර තිබෙනවා.

එම නීති සකස්කර ඇත්තේ ප්‍රේම සබඳතා පවත්වන අතරතුර දී ලබා ගන්නා පුද්ගලික සහ නිරුවත් ඡායාරූප, වීඩියෝ දර්ශන, එම සබඳතා නතරවීමෙන් අනතුරුව හිරිහැර කිරීමේ අදහසින්, වෙනත් තැනැත්තන්ට බැලීමට හැකි වන පරිදි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම වැළැක්වීමේ අරමුණින්.

එයට අදාළ නීති ඇතුළත් පනත් කෙටුම්පතට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසිනුයි එය ඉදිරිපත් කර ඇත්තේ.

ඒ අනුව එවැනි වරදකට පළමු වරට හසුවන තැනැත්තකුට වසර පහක් නොඉක්මවන සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් නොඉක්මවන දඩයකට යටත් කළ හැකියි.

එමෙන්ම එවැනි වරදකට දෙවැනි වරට හෝ නැවත නැවත හසුවන යම් තැනැත්තකුට අදාළ දඬුවම හෝ දඩ මුදල් දෙගුණයක් කරනු ලැබීමට හෝ දඬුවම් සහ දඩ මුදල යන දෙකම හෝ එය දෙගුණයක් කිරීමට ද හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
2
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.04.28
01:06:11
Video thumbnail
එජාපය මැයි 01 එන්නේ නැති එක ගැන මුජිබුර් කියයි..ඔතන පොඩි කොස්සක් තියෙනවනේ
04:38
Video thumbnail
ක්‍රිකට් අතුරුපාලක කමිටුවේ සභාපති තනතුරට ඉරාන් පත්වෙයිද ?එතුමට ක්‍රිකට් පිළිබඳ දැනුමක් තියෙනවා
03:33
Video thumbnail
අපිට අහන්න තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන සල්ලි ගේන්නේ නැද්දෝ ? l Mujibur Rahman
02:30
Video thumbnail
සූගීෂ්වර ඇතුළු සෙට් එකට දුන් අසූචි ප්‍රහාරය ගැන මුජිබුර්ට යකා නගියි..මීට වඩා දරදඬු වෙන්න පුළුවන්
02:51
Video thumbnail
අපේ එකාව බේරගන්න ගියොත් විහිළු කාරයෝ වෙනවා..පිටුපස නිල් කොළ දේශපාලන හැකර්ලා ඉන්නවා ?
03:49
Video thumbnail
මුදල් ලේකම් පත් කිරීමම වැරදියි..මේක දේශපාලන පත්වීමක් - විපක්ෂයේ ඉන්නකොට මෙහෙම නෙවෙයි කිව්වේ
07:02
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:22
Video thumbnail
හොරාගෙන් පේන අහන වැඩක් - නලින්දගේ ප්‍රකාශයට මුජිබුර්ගෙන් සැර කතාවක්
05:25
Video thumbnail
වෙනත් ගිණුමකට බැරවුණු මුදල ගැන විපක්ෂය දැනගෙන මුනිවත රැක්කද ?.මුජිබුර් පිළිතුරු දෙයි
02:48