මුම්බායි ගුවන් තොටුපල තාවකාලිකව වසා දැමේ

අද (15) විශාඛාපට්නම් සිට පැමිණි ලියර් ජෙට් ගුවන් යානයක් ගොඩ බෑමේදී ගුවන් පථයේ දී ලිස්සායාම නිසා ඉන්දියාවේ මුම්බායි ගුවන් තොටුපල තාවකාලිකව වසා දමා තිබෙනවා.

මගීන් 06 දෙනකු සහ ගුවන් නියමුවා හා සහායක ගුවන් නියමුවා සහිතව යානය මෙලෙස ගුවන් පථයේ දී ලිස්සා ගොස් තිබෙනවා.

ගුවන් යානය ලිස්සායාම නිසා ඇතිවූ අනතුරින් මගීන් 06 දෙනා සහ ගුවන් නියමුවා හා සහායක නියමුවා වහාම රෝහල් ගත කර ඇති බව සඳහන්. විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටින්නේ අධික වර්ෂාව මැද ගුවන් යානය ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බවයි