රැඳවියෙකු බිය ගැන්වූ රාජ්‍ය ඇමති ලොහාන්ට ඇප (වීඩියෝ)

2021 වසරේදී අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එහි රැඳවියෙකුට ගිනි අවියක් එල්ල කර බියවැද්දීමක් සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත නිදහස් කර තිබෙනවා.

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේ රාජ්‍ය ඇමතිවරයා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

මෙම නඩුව 2024 වසරේ ජනවාරි මස 4 වන දින විභාගයට ගැනීමටද තීන්දු කළ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා එදිනට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටයි සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට නියෝග කළේ.

නඩුවේ පළමු සාක්ෂිකරුවන් වන පූබාර සිංහන් සූරියපාලන් සහ දෙවන සාක්ෂිකරු මනියරාසන් සුලක්ෂන් යන දෙදෙනාට ද නඩුවට අදාළ සාක්ෂි ලබා දීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කෙරුණා.

බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ 2021 සැප්තැම්බර් මස 12 දින හෝ ආසන්න දිනක දී බන්දනාගාර දමිළ ජාතික රැඳවියෙකු වන පුබාර සිංහන් සූරියපාලන් රැදවියා දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා ඝාතනය කර දැමීමට හැකි බව පවසමින් සාපරාධී බිය වැටීමක් සිදු කර තර්ජනය කිරීම සිද්ධියක් සම්බන්ධයෙන් වූ නඩුවක් සඳහා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද පෙරවරුවේදී අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

මෙහිදි සැකකාර රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පවතින චෝදනා අධිකරණය මගින් කියවා දීමෙන් අනතුරුව තමන් එම සියළු චෝදනාවන්ට නිවැරදිකරු බව ලොහාන් රත්වත්තේ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මගින් අධිකරණයට දැනුම්දී තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම නඩුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර තිබූ අතර පළමු වතාවට සැකකාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අද විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියා. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56