ලිබියාවේ ඇති වූ ඩැනියෙල් කුණාටුව නිසා අවම වශයෙන් පුද්ගලයින් 200 දෙනෙකු මිය ගොස් ඇති බව ලිබියානු රතු කුරුස සංවිධානය පවසනවා
කෙසේ වෙතත්, නැගෙනහිර පදනම් වූ ලිබියානු ජාතික හමුදාවේ (LNA) ප්‍රකාශක අහමඩ් මිස්මාරි පවසන පරිදි 2,900 වැඩි පිරිසක් මිය ගොස් තවත් 6,000 ක් පමණ අතුරුදන් වී තිබෙනවා
ඩැනියෙල් සුළි කුණාටුව පසුගිය ඉරිදා උතුරු අප්‍රිකානු දේශයට ළඟාවීමෙන් පසු බලධාරීන් විසින් දැඩි හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා
දැඩි ගංවතුර නිසා ඇතිවූ පීඩනයෙන් ඩර්නා හි වේලි දෙකක් කඩා වැටි ඇති බවද සඳහන් වනවා
බෙන්ගාසි, සූසේ, ඩර්නා සහ අල්-මාර්ජ් යන නැගෙනහිර නගරවලට ඩැනියෙල් කුණාටුවෙන් බලපෑම් එල්ල වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා