මීළඟ G-20 සමුළුවේ සත්කාරකත්වය බ්‍රසීලයට

19 වන G-20 සමුළුවේ සත්කාරකත්වය බ්‍රසීලයට පිරිනැමීම නිල වශයෙන් අද (10) සිදුකෙරුණා.

ඒ, අනුව මෙවර එහි සභාපතිත්වය දැරූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා වෙත එහි සභාපතිත්වය මෙවර සමුළුවේ අවසන් දිනය වූ අද දිනයේ භාරදීමෙන් අනතුරුවයි.

මෙම වසරේ නොවැම්බර් දක්වා G-20 සමුළුවේ සභාපතිත්වය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සතුව පවතින අතර, එළෙඹෙන දෙසැම්බර් පළමු වනදා සිට එය බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතට පත්වනවා.

ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ නව දිල්ලි නුවර පැවති 18 වන G-20 සමුළුවේ දී G-20 නායකයින් විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරනු ලැබුවා.

ඒ අනුව, තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සම්පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම.

අනාගත සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා වඩා හොඳින් සූදානම් වීම සඳහා වෛද්‍ය ප්‍රතිවිරෝධතා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි සැපයුම් සහ නිෂ්පාදන හැකියාවන් සඳහා පහසුකම් සැලසීම.

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අවදානම් සඳහා කඩිනමින් සහ ඵලදායී ලෙස පිළියම් යෙදීමෙන් ඔරොත්තු දෙන වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු ඒ අතර වනවා.

මෙවර සමුළුවේ දී අප්‍රිකානු සංගමයට G-20 නිල සාමාජිකත්වය ලබාදීම සිදුකළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන්.

නවදිල්ලි නුවට පැවති 19 වන G-20 සමුළු සඳහා රුසියානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා එක් වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?