මීළඟ G-20 සමුළුවේ සත්කාරකත්වය බ්‍රසීලයට

19 වන G-20 සමුළුවේ සත්කාරකත්වය බ්‍රසීලයට පිරිනැමීම නිල වශයෙන් අද (10) සිදුකෙරුණා.

ඒ, අනුව මෙවර එහි සභාපතිත්වය දැරූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින්, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා වෙත එහි සභාපතිත්වය මෙවර සමුළුවේ අවසන් දිනය වූ අද දිනයේ භාරදීමෙන් අනතුරුවයි.

මෙම වසරේ නොවැම්බර් දක්වා G-20 සමුළුවේ සභාපතිත්වය ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සතුව පවතින අතර, එළෙඹෙන දෙසැම්බර් පළමු වනදා සිට එය බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා අතට පත්වනවා.

ඉන්දියාවේ සත්කාරකත්වය යටතේ නව දිල්ලි නුවර පැවති 18 වන G-20 සමුළුවේ දී G-20 නායකයින් විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරනු ලැබුවා.

ඒ අනුව, තිරසාර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය සම්පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම.

අනාගත සෞඛ්‍ය හදිසි අවස්ථා සඳහා වඩා හොඳින් සූදානම් වීම සඳහා වෛද්‍ය ප්‍රතිවිරෝධතා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල වැඩි සැපයුම් සහ නිෂ්පාදන හැකියාවන් සඳහා පහසුකම් සැලසීම.

සංවර්ධනය වෙමින් පවතින රටවල ණය අවදානම් සඳහා කඩිනමින් සහ ඵලදායී ලෙස පිළියම් යෙදීමෙන් ඔරොත්තු දෙන වර්ධනයක් ප්‍රවර්ධනය කිරීම වැනි කරුණු ඒ අතර වනවා.

මෙවර සමුළුවේ දී අප්‍රිකානු සංගමයට G-20 නිල සාමාජිකත්වය ලබාදීම සිදුකළේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මූලිකත්වයෙන්.

නවදිල්ලි නුවට පැවති 19 වන G-20 සමුළු සඳහා රුසියානු ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා එක් වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12