විදෙස් රැකියා පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

දෝහා කටාර් රාජ්‍යයයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යංශයට ලැබුණු පැමිණිලි 06ක් මත සිදු කළ විමර්ශන අනුවයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ නිතී අංශය මගින් අදාළ සැකකරු එප්පාවල, එළියදිවුල්වැව පිහිටි නිවසේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ බවට පැමිණිලි කළ පිරිසගෙන් සැකකරු රුපියල් ලක්ෂ 16ක පමණ මුදල් වංචා කර ඇති බවට වංචාවට හසුවූ පිරිස් මුදල් බැංකු ගත කළ රිසිට්පත් මගින් තහවුරු වී ඇතැයි සඳහන්.

මෙම පුද්ගලයා විසින් විශ්‍රාමික යුද, ගුවන් සහ නාවික යන ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා පොලිස් නිලධාරීන්ට මෙලෙස වංචා සිදු කර ඇති බව හෙළිවී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබුණු පැමිණිලි 06ට අමතරව මෙම පුද්ගලයා විසින් තවත් වංචාවන් සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් ද පරීක්ෂණ සිදු කරන බවයි කාර්යංශය ප්‍රකාශ කළේ.

රැකියා සම්බන්ධයෙන් විමසීමට මුදල් ලබා දුන් පුද්ගලයින් පැමිණි අවස්ථාවන්වලදී සැකකරු විසින් බැන පහර දීමට උත්සහ කර මුදල් ලබා දීම මග හැර ඇති බවට ද එප්පාවල පොලිසියට පැමිණිලි ලැබී තිබෙනවා.

සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ තමන් ද අතරමැදියකු වන අතර වෙනත් පුද්ගලයකුට රැවටී මෙම මුදල් ඔහුට ලබා දී ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු එප්පාවල පොලිස් ස්ථානයට භාර දී ඇති අතර ඔහු අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14