ජලපහරට හසුවී අතුරුදහන්වු තරුණයාගේ සිරුර සොයාගනී

ගම්පහ මාකේවිට ප්‍රදේශයේ අත්තනගලු ඔය ජලපහරට හසුවී අතුරුදහන්වු තරුණයාගේ මළ සිරුර අද උදෑසන සොයාගැනීමට හැකිවී තිබෙනවා.

ගම්පහ මාකේවිට අත්තනගලු ඔය වාන් දොරටුව අබියස ඊයේ සවස තුනට පමණ දිය නෑමට පැමිණි ගැහැණු ළමුන් දෙදෙනෙකු හා පිරිමි ළමුන් තුන්දෙනෙකුගෙන් එක් පිරිමි ළමයකු (වයස අවුරුදු දහඅටයි පමණ) දියට බැස පීනා යාමේදී එක් වාන් දොරටුවක් තුළින් ජල පහරේ අධික බව හේතුවෙන් අනෙක් කොටසට මොහු ඇදී ගොස් තිබුණා.

ඊයේ සවස සිට ප්‍රදේශවාසීන් මෙම තරුණයා සෙවීමට පටන්ගත් නමුත්, නොහැකිවු තැන නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ගෙන්වා වැඩිදුර සෙවුම් කටයුතු සිදුකෙරුණා.

ඒ අනුව අද උදැසන එම තරුණයාගේ මළ සිරුර ගං ඉවුරේ පාවෙමින් තිබියදි සොයාගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ගම්පහ පොලිසිය මගින් සිදු කරනවා.