කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වන දරුවන් තිදෙනාගේ රැකවරණය සඳහා විදෙස්ගතව සිටි ඔවුන්ගේ මව අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ මැදිහත් වීම මතයි මෙම කාන්තාව යළි මෙරටට පැමිණ ඇත්තේ.
කුවේට් රාජ්‍යයේ රැකියා නියෝජිත ආයතනයක රඳවා සිටි ඇය අද අලුයම ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ ඉල්ලීමක් කළේ තමාට සහ දරුවන තිදෙනාට ජීවත් වීමට නිවසක් තනා දෙන ලෙසටයි.
30 හැවිරිදි ඇය තම දරු තිදෙනා මවට භාර දී මීට මාසයයි දින දහයකට පෙර කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබුණා.
එම කාලය අතරතුර මෙම කාන්තාවගේ මව ද මෙම ළමුන් තිදෙනා අතහැර ගොස් තිබූ බැවින් ඔවුන් සිය පාසැල් අධ්‍යාපනය ද නවතා දමා ඉතා අසීරුවෙන් අනාරක්ෂිතව ඔවුන්ගේ කටු මැටි ගැසූ නිවසෙහි ගෙවා දමමින් සිටියදීයි මෙම තොරතුර ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වූයේ.
මෙම තොරතුරු වාර්තා වී පැය කිහිපයක් ගත වීමත් සමග තම දරුවන් තුන්දෙනා පත් වී සිටින අසරණ භාවය සලකා වහාම තමාව ශ්‍රී ලංකාවට යැවීම සදහා පියවර ගන්නා ලෙස තමන් රඳවා ගෙන සිටි රැකියා නියෝජිත ආයතනය වෙත කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් නියෝග කළ බව ඇය ප්‍රකාශ කළා.
අදාළ රැකියා නියෝජිත ආයතනයට ඇය මෙරටට එවීම සදහා රුපියල් ලක්ෂ නවයක් වැය වී ඇති අතර මෙම කාන්තාව විදේශගත වීමට පෙර රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක මුදලක් ලබා දුන් බව එම රැකියා නියෝජිත ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.
මෙම කාන්තාව මීට පෙර තම සොහොයුරිය සමග කටුනායක ගුවන් තොටුපොළ තුළ පිරිසිදු කරන්නියක ලෙස වසර දෙකක පමණ කාලයක් සේවය කර තිබූ අතර ඇය මීට පෙර දෙවරක්ම විදේශ රැකියාවල නිරත වී සිටි බවයි ගුවන් තොටුපොළේ ඇය සමග සේවය කළ සේවිකාවන් කියාසිටියේ.
වාසනා ප්‍රනාන්දු නම් මෙම කාන්තාව අද උදෑසන 07ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයගේ ගිරිබාව නිවෙස වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.























Build a house to the family and help the children to start their Education. The government can support the family.
මෙහෙම ගෑනුන්ගේ ෆොටෝ දාලා උඹලගෙ කුහක මාධ්‍ය සංස්කෘතියෙ රෙදි ගලවන්න එපා කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා