තනිවූ දරුවන් සොයා මව දිවයිනට (ඡායාරූප)

කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වන දරුවන් තිදෙනාගේ රැකවරණය සඳහා විදෙස්ගතව සිටි ඔවුන්ගේ මව අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ මැදිහත් වීම මතයි මෙම කාන්තාව යළි මෙරටට පැමිණ ඇත්තේ.

කුවේට් රාජ්‍යයේ රැකියා නියෝජිත ආයතනයක රඳවා සිටි ඇය අද අලුයම ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේ ඉල්ලීමක් කළේ තමාට සහ දරුවන තිදෙනාට ජීවත් වීමට නිවසක් තනා දෙන ලෙසටයි.

30 හැවිරිදි ඇය තම දරු තිදෙනා මවට භාර දී මීට මාසයයි දින දහයකට පෙර කුවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් තිබුණා.

එම කාලය අතරතුර මෙම කාන්තාවගේ මව ද මෙම ළමුන් තිදෙනා අතහැර ගොස් තිබූ බැවින් ඔවුන් සිය පාසැල් අධ්‍යාපනය ද නවතා දමා ඉතා අසීරුවෙන් අනාරක්ෂිතව ඔවුන්ගේ කටු මැටි ගැසූ නිවසෙහි ගෙවා දමමින් සිටියදීයි මෙම තොරතුර ජනමාධ්‍ය ඔස්සේ වාර්තා වූයේ.

මෙම තොරතුරු වාර්තා වී පැය කිහිපයක් ගත වීමත් සමග තම දරුවන් තුන්දෙනා පත් වී සිටින අසරණ භාවය සලකා වහාම තමාව ශ්‍රී ලංකාවට යැවීම සදහා පියවර ගන්නා ලෙස තමන් රඳවා ගෙන සිටි රැකියා නියෝජිත ආයතනය වෙත කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් නියෝග කළ බව ඇය ප්‍රකාශ කළා.

අදාළ රැකියා නියෝජිත ආයතනයට ඇය මෙරටට එවීම සදහා රුපියල් ලක්ෂ නවයක් වැය වී ඇති අතර මෙම කාන්තාව විදේශගත වීමට පෙර රුපියල් එක් ලක්ෂ හැත්තෑ පන් දහසක මුදලක් ලබා දුන් බව එම රැකියා නියෝජිත ආයතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

මෙම කාන්තාව මීට පෙර තම සොහොයුරිය සමග කටුනායක ගුවන් තොටුපොළ තුළ පිරිසිදු කරන්නියක ලෙස වසර දෙකක පමණ කාලයක් සේවය කර තිබූ අතර ඇය මීට පෙර දෙවරක්ම විදේශ රැකියාවල නිරත වී සිටි බවයි ගුවන් තොටුපොළේ ඇය සමග සේවය කළ සේවිකාවන් කියාසිටියේ.

වාසනා ප්‍රනාන්දු නම් මෙම කාන්තාව අද උදෑසන 07ට කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 230 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් විසින් ඇයගේ ගිරිබාව නිවෙස වෙත රැගෙන යාමට පියවර ගෙන තිබුණා.

20230910 074234 scaled
20230910 075136 scaled
20230910 075152 scaled
20230910 074333 scaled
20230910 075244 scaled
20230910 074339 scaled
20230910 074934 scaled
20230910 074342 scaled
20230910 074936 scaled
  1. මෙහෙම ගෑනුන්ගේ ෆොටෝ දාලා උඹලගෙ කුහක මාධ්‍ය සංස්කෘතියෙ රෙදි ගලවන්න එපා කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26