කපා කොටා ඝාතනය කරන්නා STF අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයින්වන නිපුන සහ චාමර යන අයගේ ප්‍රධානතම ගෝලයෙකු වන කපා කොටා ඝාතනය කරන්නා ලෙස ප්‍රසිද්ධයට පත් ‘කන්නයියා’ නැමැති පුද්ගලයා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී T56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ද සොයා ගැනීමට හැකි වූ බවයි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සඳහන් කළේ.

ඊයේ (08) රාත්‍රියේ කොළඹ 14, මහවත්ත පාර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරු අත්දන්ගුවට ගැනීමට හැකිව ඇති අතර, සැකකරු 18 හැවිරිදි වියේ පසුවන බවයි වාර්තා වුණේ.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුට එරෙහිව පුද්ගලයින් කපා කොටා ඝාතනය කිරීමේ චෝදනා 03ක් ඇති අතර, තියුණු ආයුධවලින් ප්‍රහාර එල්ලකර තුවාල සිදුකිරීම සම්බන්ධයෙන්වන චෝදනා 05ක් ඇති බවයි වාර්තා වුණේ.

04


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12