AFC Banner
Empty Ad
Empty Ad

ඉතිහාසගත වන ජයක් ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට මුදල් ත්‍යාග

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ප්‍රබල එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව T20 තරගාවලි ජය ලැබූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 25,000ක් හෙවත් රුපියල් ලක්‍ෂ 75ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කර ඇති බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු විශේෂ ඇගයීමේ උත්සවයක් ද පවත්වන බවටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඊයේ පැවැති තුන්වන සහ අවසන් T20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලබා 2-1ක තරගාවලි ජයක් ලැබීමට සමත් වුණා.

මෙය එංගලන්ත කාන්තා පිලට එරෙහිව ඕනෑම තරගාවලියකදී ශ්‍රී ලංකාව තරගාවලි ජයක් වාර්තා කරන ලද පළමු අවස්ථාව ලෙසිනුයි ඉතිහාස ගත වූයේ.

ඩර්බිහි පැවැති මෙම තරයේදී එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 19 කදී ලකුණ 116 කට සීමා කිරීමට නායිකා චමරි අතපත්තු ප්‍රමුඛ පන්දු යවන්නියන් සමත් වුණා. සෙසු පන්දු යවන්නියන්ට ආදර්ශයක් වෙමින් පන්දු යැවූ ශ්‍රී ලංකා නායිකාව පන්දුවාර 4 දී ලකුණු 21 ක් කඩුලු 3ක් දවා ගනිද්දී කවීෂා දිල්හාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 2 බැගින් දවා ගත්තා. මොවුන්ගේ දක්ෂතාවය හමුවේ එංගලන්ත කාන්තා පිල පිට පිටම දෙවැනි වතාවටත් පන්දුවාර 20 අවසන් වීමට මත්තෙන් දැවී යෑම කැපී පෙනෙන සිදුවීමක් වුණා. එංගලන්ත කාන්තා කණ්ඩායම පසුගිය සෙනසුරාදා පැවැති තරගයේදී ද පන්දුවාර 18 ක් ඇතුළත ලකුණු 104 කට දැවී ගියා.

ජයග්‍රාහී ඉලක්කය හඹා යෑමේදී පිත්තෙන්ද සාර්ථක වුණු චමරි අතපත්තු හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමඟින් පන්දු 28 කදී වේගවත් ලකුණු 44 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය සඳහා අඩිතාලම එක් කළා. පෙර තරගයේදී අර්ධ ශතකයක් රැස් කළ ද ඊයේ දිනයේදී චමරිට අර්ධ ශතකය ලබා ගැනීමට තිබූ අවස්ථාව අහිමි වුවත් දැවී යෑමට මත්තෙන් තම කණ්ඩායමට අවශ්‍ය ජයග්‍රාහී පදනම ඒක් කිරීමට ඇය සමත්ව සිටියා.

මෙම පිතිහරඹය ප්‍රධාන කොට ශ්‍රී ලංකා කණ්ඩායම එම සුවිශේෂී ජයග්‍රහණය සනිටුහන් කරන විට පන්දු 18 ක් සහ කඩුලු 7ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබුණා. මෙම තරගාවලි පරාජය එංගලන්ත කාන්තා පිල හමුවේ සටහන් වූයේ 2010 වසරෙන් පසු ද්වී පාර්ශවීය තරගාවලියකදී ඔස්ට්‍රේලියාව හමුවේ පරාජයට පත්වීමෙන් පසු පරාජයට පත් වුණු පළමු තරගාවලි පරාජය වශයෙන්.

එංගලන්ත කාන්තා පිල පන්දුවාර 19 කදී සියලු දෙනා දැවී ලකුණු 116 යි – (ඇමී ජෝන්ස් 20, හීතර් නයිට් 18, ඩනැයෙල් ගිබ්සන් 21, සාරා ග්ලෙන් 16*, චමරි අතපත්තු 21/3, කවීෂා දිල්හාරි 16/2, උදේශිකා ප්‍රබෝධනී 16/2, ඉනෝෂි ප්‍රියදර්ශනී 15/1, ඉනෝකා රණවීර 20/1)

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දුවාර 17 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 117 යි – (චමරි අතපත්තු 44, අනුෂ්කා සංජීවනී 20, හර්ෂිතා සමරවික්‍රම 26, විශ්මි ගුණරත්න 08, හසිනි පෙරේරා 09, සරා ග්ලෙන් 23/2, ඇලිස් කැප්සි 21/1)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
13
+1
0
+1
8
+1
2
+1
2
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක් අම්මට වෙච්ච නස්පැත්තිය ගැන සජබ ප්‍රබලයෙක් කටඅරී #sajithpremadasa
03:06
Video thumbnail
Breaking News🛑ඉන්දියාවේ තවත් බිහිසුණු දුම්රිය අනතුරක් #india #globalnews #breakingnews
01:07
Video thumbnail
වැඩ්ඩො දෙන්නෙක් සුද්දියොත් පුදුම වෙලා #shorts #viralvideo #trendingshorts #1miillionaudition
00:16
Video thumbnail
ජනමතය විකෘති තත්ත්වයක තියෙන්නේ - රටට හදන වැඩපිළිවෙල තියෙන්නේ අපි ගාව විතරයි #sjb
02:25
Video thumbnail
නිවැරදි කෙනෙක් බොරුවට සැක කළාම ප්‍රශ්න ගොඩක් මතුවෙන් පුළුවන්
08:25
Video thumbnail
ඇරෙස්ට් කරන්න මාව.. අශේන් දාපු සද්දේ
01:14
Video thumbnail
KASTHIRAMA |හි.පා.ම. ආශු මාරසිංහ සහ ජාතික ජන බලවේගයේ විධායක සභික නාමල් කරුණාරත්න සහභාගීවන කස්තිරම
01:38:40
Video thumbnail
අපි වාහන සංදර්ශන දැම්මේ නෑ.. වුණේ මේකයි
05:26
Video thumbnail
රනිල් ගිය පාරේ යන නිසා රට වැටෙන්නේ නෑ
02:28
Video thumbnail
90 දෙනෙක්ගෙන් රනිල් ගත්තු උපදෙස් මොනාද..?
05:27

?