අම්බලන්තොට වෙඩි තැබීමකින් කාන්තාවකට තුවාල

අම්බලන්තොට ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.

අද පස්වරු දෙකට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇත්තේ බස් රථයක් තුලදීයි.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු බස් රථයට බාධා වන ආකාරයෙන් නතර කර බස් රථයට ගොඩවී කාන්තාවට වෙඩි තබා තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක්.

වෙඩි වැදුණු කාන්තාව නඩුවක් සඳහා හම්බන්තොට ප්‍රදේශයට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ඇය අම්බලන්තොට රජයේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩි තැබූ සැකකරුවන් පළාගොස් ඇති අතර ඔවුන් සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මෙම කාන්තාව පසුගිය ජුලි මස 19 වනදා කොග්ගල ප්‍රදේශයේ සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින රොෂාන් නැමති සැකකරුගේ මව බවට අනාවරණ වී තිබෙනවා.

නිවසකට ඇතුලු වූ පුද්ගලයන් තුන් දෙනෙකු විසින් වෙඩි තබා එම ඝාතනය සිදු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
වාහනවලට ගමන් කිරීමට නොදී පාරත් බදුගෙන යන මිනිස්සු..හෙල්මට් නැතුව යන්නේ
01:33
Video thumbnail
බෙලිගහ අධිකරණ සංකීර්ණය නිසා චානක - හර්ෂණ පැටලෙයි.."කවදාවත් පැයකටවත් විවෘත කළේ නෑ"
04:34
Video thumbnail
"දැන් පුංචි එංගලන්තේ නෙවෙයි මුඩුක්කු ලන්තේ"..අනවසර ඉදිකිරීම් නිසා ජනතාවට යකා නගියි
05:09
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි
00:24
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු
00:55
Video thumbnail
මුජිබුර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - ජාතික කලාභවනේ පෞරාණික චිත්‍ර 42ක් අතුරුදන් වෙලා..
07:39
Video thumbnail
පාර්ලිමේන්තුව අසල කාන්තාවක් රථවාහනවලට ප#හර දෙන අයුරු.."යවන්න..ඔක්කොම වාහනවලට ග#නවා"
01:28
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12