රාජ්‍ය ඇමති වැඩ තහනම් කළ පොස්පේට් නිලධාරීන්ගේ වැටුප් ගැන අධිකරණයට දැනුම්දීමක්

අමාත්‍ය චාමර සම්පත් දසනායකගේ නියෝග මත සිය වැඩ තහනම් කිරීමට ලංකා පොස්පේට් සමාගම ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර තිබෙන එම සමාගමේ සැපයුම් කළමනාකරු එස්. ඒ. අබේසිරි සහ මෙහෙයුම් කළමනාකරු එස්. ඩී. රූපසිංහ යන මහත්වරුන්ට වැටුප් ගෙවීමට ඇති හැකියාව සොයා බල ලබන 13 වන දා අධිකරණයට දැනුම් දෙන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

වැඩ තහනමට ලක්ව සිටින එම නිලධාරීන් දෙදෙනා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් අද යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරියට දන්වා සිටියේ මෙම පෙත්සම්කරුවන්ට වැටුප් ගෙවීමට ඇති හැකියාව සොයා බලන ලෙසයි.

ඒ අනුව පෙත්සම්කරුවන් දෙදෙනාට වැටුප් ගෙවීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා ලබන 13 වන දා අධිකරණය දැනුවත් කරන බව වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය අධිකරණයට දන්වා සිටියා.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අමාත්‍ය චාමර සම්පත් දසනායක, ලංකා පොස්පේට් සමාගමේ සභාපති, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පසුගිය ජූලි මස 7 වනදා එප්පාවල ලංකා පොස්පේට් සමාගමට පැමිණි බවයි.

අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවට එක් වූ අවස්ථාවේදී අර්බුද කිහිපයක් මතු විය හැකි බවට සැක කළ හැකි තොරතුරු ලැබී තිබීම නිසා තමන් එම අවස්ථාවට එක් නොවූ බවත් පෙත්සම්කරුවන් කියා තිබෙනවා.

ඉන්පසුව නිරීක්ෂණ චාරිකාවට එක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පොස්පේට් සමාගමට මලු මිලදී ගැනීමට අදාළ ටෙන්ඩර්වලදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විමසීම සඳහා තමන්ව කැඳවූ බවත් පෙත්සම්කරුවන් පවසනවා.

ඒ අනුව තමන් අමාත්‍යවරයා හමුවට ගිය බව පවසන පෙත්සම්කරුවන් සඳහන් කළේ එහිදී අමාත්‍යවරයා විසින් අසත්‍ය චෝදනා එල්ල කරමින් අදාළ දූෂණ සහ අක්‍රමිකතාවලට තමන් වගකිව යුතු බවට චෝදනා එල්ල කර සිටි බවයි.

ඒ සම්බන්ධයෙන් තමන් කරුණු පැහැදිලි කිරීමට අමාත්‍යවරයාගෙන් අවසර ඉල්ලා සිටියද ඊට අවස්ථාවක් නොලැබුණු බවයි පෙත්සම්කරුවන් කියා සිටියේ.

එම අවස්ථාවේදී අමාත්‍යවරයා “හොරා” යනුවෙන් ආමන්ත්‍රණය කරමින් තමන්ට ජනමාධ්‍ය ඉදිරියේ අපහාසාත්මක ආකාරයෙන් බැණ වැදී පහර දීමට උත්සාහ කළ බව පවසන පෙත්සම්කරුවන් ඊට අදාළ පැමිණිලි බාර නොගන්නා ලෙස අමාත්‍යවරයා විසින් එහි සිටි පොලිස් නිලධාරීන්ට නියෝග කළ බවත් කියා සිටියා.

එම අවස්ථාවේදී එහි සිටි සේවකයෙකු තමන්ට පහර දුන් බවත් පෙත්සමක් ඉදිරිපත් කළ සැපයුම් කළමනාකාර අබේසිරි මහතා සිය පෙත්සමෙන් කියා සිටිනවා.

එපමණක් නොව තමන්ගේ වැඩ තහනම් කරන මෙන් එහිදී රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් ලංකා පොස්පේට් සමාගමේ නිලධාරීන්ට නියෝග කළ බව ද පෙත්සම්කරුවන් පවසනවා.

ඒ අනුව ඉකුත් ජූලි මස 19 වනදා වැටුප් රහිතව තමන්ගේ වැඩ තහනම් කරමින් ලංකා පොස්පේට් සමාගම විසින් ලිපියක් නිකුත් කළ බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

එම ලිපිය තුළින් සිය වැඩ තහනම් කිරීමට හේතු කිසිවක් ඉදිරිපත් කර නොමැති බව පවසන පෙත්සම්කරුවන් වැඩ තහනම් කිරීමට පෙර මූලික පරීක්ෂණයක් නොපැවැත්වූ බවත් සඳහන් කර තිබෙනවා.

එසේම ආයතන සංග්‍රහය අනුව තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදුකරන බවට එම ලිපිය තුලින් සඳහන් කර නොමැති බවත් සිය වැඩ තහනම සඳහා ලංකා පොස්පේට් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය හිමි වී නොමැති බවත් පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

කිසිදු සාධාරණ නීතිමය පදනමක් නොමැතිව රාජ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය පරිදි සිය වැඩ තහනම් කිරීමට ලංකා පොස්පේට් සමාගම ගත් තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පවසන පෙත්සම්කරුවන් ඒ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසටයි අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

ඊට අමතරව සිය වැඩ තහනම් කිරීමේ නියෝගය අත් හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයාගේ නියෝග මත සිය වැඩ තහනම් කරමින් ලංකා පොස්පේට් සමාගම විසින් නිකුත් කළ ලිපිය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් තමන්ට වැටුප් ගෙවීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
6
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43