ජෝර්දානයට පළා යාමට තැත් කළ යාපනයේ තරුණයා අත්අඩංගුවට

ව්‍යාජ තොරතුරු ලබාදී මැලේසියානු බලධාරීන් රවටා සූක්ෂම ලෙස ලබා ගත් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ජෝර්දානය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසිනුයි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා අවුරුදු 22ක අයෙක්.

ඔහු අද අලුයම 03.30ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ G- 9501 දරන ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජෝර්දානය වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී තම නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සඳහා එයාර් ඇරේබියා ගුවන් සේවා කවුළුව වෙත පැමිණි මොහු ඔවුන් වෙත ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි පිළිබඳ ඇති වූ සැකය මතයි ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇත්තේ.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම ගමන් බලපත්‍රය සකස් කර ගත් බවයි.

ඒ අනුව මෙම තරුණයා අත් අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සැකකරු ඉදිරිපත් කළ ලියකියවිලි සමග වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
3
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33