AFC Banner
Empty Ad
Empty Ad

ජෝර්දානයට පළා යාමට තැත් කළ යාපනයේ තරුණයා අත්අඩංගුවට

ව්‍යාජ තොරතුරු ලබාදී මැලේසියානු බලධාරීන් රවටා සූක්ෂම ලෙස ලබා ගත් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ජෝර්දානය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසිනුයි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත්තේ.

යාපනය කයිට්ස් ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා අවුරුදු 22ක අයෙක්.

ඔහු අද අලුයම 03.30ට එයාර් ඇරේබියා ගුවන් සේවයේ G- 9501 දරන ගුවන් යානයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔස්සේ ජෝර්දානය වෙත පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී තම නිශ්කාශන කටයුතු සිදු කර ගැනීම සඳහා එයාර් ඇරේබියා ගුවන් සේවා කවුළුව වෙත පැමිණි මොහු ඔවුන් වෙත ඉදිරිපත් කළ ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි පිළිබඳ ඇති වූ සැකය මතයි ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත භාර දී ඇත්තේ.

එහිදී සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර මෙම ගමන් බලපත්‍රය සකස් කර ගත් බවයි.

ඒ අනුව මෙම තරුණයා අත් අඩංගුවට ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් සැකකරු ඉදිරිපත් කළ ලියකියවිලි සමග වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
3
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?