ක්‍රිකට් ලෝකයම දෑස් දල්වා බලා සිටින ඉන්දු පාකිස්ථාන ගැටුම අද

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (02) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

දේශපාලන පසමිතුරන් වී සිටින ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවැත්වෙන මෙම තරගය කෙරෙහි මේ වනවිට ක්‍රිකට් ලෝකයේ වැඩි අවදානයක් යොමුව තිබෙනවා.

මෙරට වේලාවෙන් අද (02) පස්වරු හතරට මෙම තරගය ආරම්භ වන අතර, කණ්ඩායම දෙකම ඊයේ (01) රාත්‍රී ආලෝක ධාරා මධ්‍යයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී සිය අවසන් පුහුණු සැසි සදහා එක්ව සිටියා.

එහිදී කලෙකින් මුණගැසෙන දෙපිළේම ක්‍රීඩකයින් පෙර පුහුණුවීම් අතර තුර සහෝදර ක්‍රීඩකයින් එකිනෙකා හමුවී සුහද කතා බස්වල නිරතවන ආකාරයද ද දැකගත හැකි වුණා.

මේ අතර අද තරගය සදහා ක්‍රීඩාකරන පාකිස්ථාන ක්‍රීඩකයින් එකොළොස් දෙනා ඊයේ (01) පස්වරුව වන විට නම්කර තිබීම ද විශේෂත්වයක්.

බාබර් අසාම්, ශදාබ් ඛාන්, මොහොමඩ් රිස්වාන්, ෆකර් සමාන්, ඉමාම් උල් හක්, සල්මාන් අලි අගා, ඉෆ්තිකර් අහමඩ්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, ෂාහීන් ෂා අෆ්රිඩි, හරිස් රවුෆ් එම කණ්ඩායමයි.

මේ අතර මෙම තරගය නැරඹීම සදහා ඉහළ ප්‍රේක්ෂක ඉල්ලුමක් පැවති අතර, ඒ හේතුවෙන් ඉතා ඉහළ මිල ගණන් යටතේ තරග ප්‍රවේශපත් අලෙවි කිරීමට ද කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් එම තීරණය වෙනස්කරමින් මෙවර තරගාවලියේ සත්කාරකයින් වන පාකිස්ථානය ක්‍රිකට් ආයතනය අදාළ ප්‍රවේශපත් ගාස්තුව රුපියල් 1500ක් දක්වා අඩු කිරීමට ඊයේ කටයුතු කර තිබුණා.

මේ හේතුවෙන් මෙම තරගය නැරඹීමට මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ ද උනන්දුව ඉහළ ගිය අතර, ඒ අනුව ප්‍රවේශපත් මිලදී ගැනීමට ඊයේ පස්වරුව වන තෙක් දිගු පෝළිම් පැවතියා.

මේ අතර ශ්‍රී ලංකාව ශූරයින් වූ පසුගියවර ආසියානු කුසලානයේ දී මූලික වටයේ තරගයේ දී ඉන්දීය කණ්ඩායම පාකිස්ථානය පරදා කඩුලු පහක ජයක් හිමිකරගත් අතර, සුපිරි හතර වටයේ දී කඩුලු පහකින් ඉන්දියාව පරාජය කළ පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා.

එවන් පසුබිමක ක්‍රිකට් ලෝකයේ සීතල යුද්ධයක් වී පවතින ඉන්දු පාකිස්ථානයන සටනේ ජය කවුරුන් සතුවේ ද යන්න පිළිබඳව බිලියන ගණනක් වූ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අද පස්වරුව වන තෙක් දෑස් දල්වා බලා සිටිනවා.

ඒ අනුව දේශපාලන පසමිතුරන් වී සිටින ඉන්දියාව සහ පාකිස්ථානය සිය දේශයේ අභිමානය වෙනුවෙන් අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී තරගය බිමට පිවිසීමේ සූදානමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි - වෙන මොකුත් එපා, වතුර තමයි ඕනේ
01:08
Video thumbnail
ගැස්ට්‍රයිටීස් රෝගයට හොඳම බෙහෙත - රාජපුර පංචබල අමෘත පානය
04:16
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයා අත්අඩංගුවට
01:03
Video thumbnail
අශ්වබල 85ට වඩා වැඩි බෝට්ටු ග්‍රෙගරි වැවෙන් ඉවත් කිරිමට තීරණයක්..යුද්දයකට යනවා වගේ බෝට්ටු යන්නේ
04:31
Video thumbnail
අගවිනිසුරුතුමාට මඩ ගහන එක අපි තරයේ හෙළා දකිනවා
03:09
Video thumbnail
ඇමති සමන්තව වටකරගෙන මිනිස්සු කියපු දේ - පූනාගල, කබරගල නව නිවාස සඳහා ගෘහ භාණ්ඩ ලබාදුන් මොහොත
02:32
Video thumbnail
අපි ජනතාවට නිකන්ම ගෙයක් නෙවෙයි දෙන්නේ - ජනතාවට ඇදිවත විතරයි ඉතුරු වුණේ
12:27
Video thumbnail
අධිකරණයට කිසිම බලපෑමක් 22වන සංශෝධනයෙන් වෙන්නේ නෑ
03:56
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් කරපු විනාශය
00:32
Video thumbnail
මගේ මහත්තයාට අපහාස කරන්න එපා - බදුල්ල වෛද්‍යවරයාගේ බිරිඳ කඳුළු සලයි
12:55