AFC Banner
Empty Ad
Empty Ad

බස් රථයක විශාල නාගයෙක්

යාපනයේ සිට වවුනියාව බලා ධාවනය වූ ලංගම බස් රථයක විශාල නාගයකු සිටීමත් සමඟම බසයේ සිටි මගීන් බියට සහ කලබලයට පත් වී බසයෙන් බැස දිවගොස් තිබෙනවා.

මෙම බස් රථය උදෑසන යාපනයෙන් පිටත් වී පැය එකහමාරක් පමණ ගත වන තුරුත් මගීන් කිසිවකු හෝ මෙම නාගය දැක නැහැ.

අනතුරුව කිළිනොච්චිය නගරයේදී බසයට නැගුණු කාන්තාවක් මෙම නාගයා බස් රථය තුළ සිටිනු දැක බියට පත් වී කෑගසා තිබෙනවා.

ඇයගේ කෑගැසීමත් සමඟ බසයේ රියැදුරු බසය නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

නාගයෙක් සමඟ බසය මහ මඟ ධාවනය කළ රියැදුරුට විනය පරීක්ෂණයක් කිරීමට නියමිත බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
6
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?