සිනොපෙක් සමාගම නව ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කළ සිනොපෙක් සමාගම තම ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමටයි පියවර ගනු ලැබුවේ.

සිනොපෙක් සමාගම තම ඉන්ධන අලෙවි කරනු ලබන්නේ අදාළ සමාගම් දෙකෙහි මිලට වඩා රුපියල් 3ක් අඩුවෙනුයි.

ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව සිනොපෙක් සිය ඉන්ධන මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සිනොපෙක් සමාගම විසින් අලෙවි කරනු ලබන්නේ රුපියල් 358ක මුදලකට යි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414ක්.

ඔටෝ ඩීසල් මිල රුපියල් 338ක් වන අතර සුපර් ඩීසල් මිල රුපියල් 356ක් වනවා.

සිනොපෙක් සමාගමේ භූමිතෙල් මිල රුපියල් 231ක්.

සිනොපෙක් ලංකා සමාගම සිය ව්‍යාපාරික කටයුතු නිල වශයෙන් පෙරේදා ආරම්භ කළ අතර ඊයේ මත්තේගොඩ පිහිටි සිය පළමු බලයලත් පිරවුම්හලේදී ඉන්ධන සැපයීම ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31