සිනොපෙක් සමාගම නව ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත් කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදාහැරීම් ආරම්භ කළ සිනොපෙක් සමාගම තම ඉන්ධන මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමටයි පියවර ගනු ලැබුවේ.

සිනොපෙක් සමාගම තම ඉන්ධන අලෙවි කරනු ලබන්නේ අදාළ සමාගම් දෙකෙහි මිලට වඩා රුපියල් 3ක් අඩුවෙනුයි.

ඉන්ධන මිල සංශෝධනයෙන් පසුව සිනොපෙක් සිය ඉන්ධන මිල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් සිනොපෙක් සමාගම විසින් අලෙවි කරනු ලබන්නේ රුපියල් 358ක මුදලකට යි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414ක්.

ඔටෝ ඩීසල් මිල රුපියල් 338ක් වන අතර සුපර් ඩීසල් මිල රුපියල් 356ක් වනවා.

සිනොපෙක් සමාගමේ භූමිතෙල් මිල රුපියල් 231ක්.

සිනොපෙක් ලංකා සමාගම සිය ව්‍යාපාරික කටයුතු නිල වශයෙන් පෙරේදා ආරම්භ කළ අතර ඊයේ මත්තේගොඩ පිහිටි සිය පළමු බලයලත් පිරවුම්හලේදී ඉන්ධන සැපයීම ආරම්භ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00