Empty Ad
Empty Ad
 Empty Ad

පළාත් පාලන ආයතන උපයන මුදල් ගැන නිරීක්ෂණයට කෝපා කමිටුවේ අවධානය

පළාත් පාලන ආයතන විගණනයට ලක් වුවත්, එම ආයතන තමන් විසින්ම උපයගන්නා මුදල් පිළිබඳව මෙතෙක් විගණයට ලක් නොවූ බව රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේ සභාපති, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඒ අනුව එලෙස විගණයට ලක් නොවන අංශ ද විගණනයට ලක් කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අවධානය යොමුව තිබෙන බවයි සභාපතිවරයා ප්‍රකාශ කළේ.

සභාපතිවරයා මෙම අදහස් පලකළේ 2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක කාර්ය සාධන මට්ටමක් ළඟා කරගත් රාජ්‍ය ආයතන ඇගයීම සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා ප්‍රකාශ කළේ, 2004 වර්ෂයේ ඔහු පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඇතැම් රාජ්‍ය ආයතනවල 1980 දශකයට අදාළ වාර්ෂික වාර්තා පවා ඉදිරිපත් වූ බවයි. එහෙත් මෙම කමිටුවල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ආයතන ගණනාවක් විධිමත් ලෙස ක්‍රියාත්මක වන බව ද අලගියවන්න මහතා පෙන්වාදී තිබෙනවා.

මෙහිදී අදහස් දක්වමින් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ රජය ගෙනයන වැඩ පිළිවෙල පිළිබඳව ලෝක මුල්‍ය සංවිධාන සතුට පළකර ඇති බවයි. රාජ්‍ය යාන්ත්‍රණය හා දේශපාලන යාන්ත්‍රණය එක්ව කටයුතු කිරීම වැදගත් බවද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළා.

එමෙන්ම රට බංකලොත් යැයි ප්‍රකාශයට පත්කර ඇති බැවින් ඉන් රට මුදවා ගැනීමටල සකස් කර ඇති නීති රීති ක්‍රියාත්මක කිරීමට හා ඒවා සුරැකීමට කැපවිය යුතු බවද ඔහු අවධාරණය කළා.

රජයේ විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා අදහස් දක්වමින් සඳහන් කළේ රාජ්‍ය ආයතන හා ආයතන ප්‍රධානීන් තවදුරටත් තම ආයතන වලට වග කියන ආකාරයට නීති ශක්තිමත් විය යුතු බවයි.

2019/2020 යන වර්ෂයන් සඳහා සතුටුදායක ලකුණු ලබාගත් රාජ්‍ය ආයතන අගයමින් සහතිකපත් 113ක් ලබා දීම මෙහිදී සිදු කෙරුණා.

බස්නාහිර පළාත තුල රාජ්‍ය ආයතන 45ක් සඳහා සභාපතිවරුන් සහ අනෙකුත් සමාජික මන්ත්‍රීවරුන් හා නිලධාරීන් අතින් සහතික පත් ලබා දීම සිදු කෙරුණු අතර මාර්ග ගත ක්‍රමය ඔස්සේ අනෙකුත් පළාත්වල රාජ්‍ය ආයතන 60ක් සඳහා සහතික පත් ලබා දීම සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති ආරක්ෂක ආමාත්‍යාංශයේ වැඩ බාර ගැනීම#anurakumaradissanayake
02:18
Video thumbnail
නලීන් හේවගේ වැඩ අරඹමින් කළ සුපරි කතාව මෙන්න
04:55
Video thumbnail
මම පිනට ආවේ නෑ අමාරුවෙන් ගත්ත ජයක්
07:44
Video thumbnail
ඇමති නලින්ද මුණගැහෙන්න ආපු වෛද්‍යවරු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසකට විසඳුම් ඉල්ලයි#npp
06:45
Video thumbnail
මේ ණය වල පොළිය ගෙවන්නේ කවුද ? - ජන අරගල සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්
09:52
Video thumbnail
වෛද්‍ය අර්චුන රාමනාදන්ට බඩු පැකට්
05:06
Video thumbnail
CIDයෙන් එළියට අපු පිල්ලෙයාන් මාධ්‍යට කිව්ව අමුතු කතාව
01:43
Video thumbnail
රුසියානු හමුදාවට ගිය ශ්‍රී ලංකික සෙබළෙකු යුක්‍රේන හමුදාවට කොටුවෙයි - අන්දෝලනාත්මක වීඩියෝ පටය එළියට
01:55
Video thumbnail
හොර රහසේ ජනාධිපති අත්සන් කරන්න යන දේ එළියට #anurakumaradissanayake #imf
09:13
Video thumbnail
මහින්ද මහත්තයා කිව්ව වගේ අපි දේශපාලනයෙන් විශ්‍රාම යන්නේ නෑ
03:42

?