වෙන්නප්පුව ඩිපෝවේ බස් රියදුරෙකුට පාට් දැමූ පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුව අත්අඩංගුවට

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වෙන්නප්පුව ඩිපෝවේ බස් රියදුරෙකුට පහර දුන් බව කියන පුද්ගලික බස් රථ කොන්දොස්තරවරයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉකුත් 29 වෙනිදා හලාවත – කොළඹ මාර්ගයේ වෙන්නප්පුව ඇල්බට් ඇෆ්. පීරිස් ක්‍රීඩාංගනය ඉදිරියේදී මෙම පහර දීම සිදු වී ඇත.

පහර කෑමට ලක්ව ඇත්තේ වෙන්නප්පුවේ සිට යක්දෙස්සාව දක්වා ධාවනය කරන ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් වෙන්නප්පුව ඩිපෝවේ සේවය කරන රියදුරෙකි.

ඔහු දංකොටුව – දුම්මලකොටුව පදිංචිකරුවෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – මීගමුව මාර්ගයේ ධාවනය කරන පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ලෙස සේවය කරන අයෙකුවය.සැකකරු මාරවිල – තිසේරා පුර පදිංචිකරුවෙකි.
සැකකරු මාරවිල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?