නව සිගරැට්ටුවක් සමගින් මෙරට යෝධ පිම්මක් තබන්න අමාත්‍ය විමල් වීරවංශ පය තබයි

ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ පවසයි. සියයට සියයක් ශ්‍රී ලාංකීය කුරුදුවලින් නිෂ්පාදනය කළ Lion Heart ලෙස නම් කර ඇති ආයුර්වේද ධූමපාන නිපැයුම්කරු වන්නේ සමන්ත පුංචිහේවා යි. මෙරට අමුද්‍රව්‍ය මත පදනම් වූ මේ ධූමපාන තදින් දුම්පානයට ඇබ්බැහි වූ අයෙකුට ඉන් මිදිය හැකි ආදේශයක් බව ද ඇමැතිවරයා පැවසුවේ. කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අද (17) පැවති මෙම ආයුර්වේද ධූමපාන ජනගත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම කුරුඳු සිගරැට්ටු නිපදවීම සඳහා වසර 06 ක පමණ කාලයක් වෙහෙස මහන්සි වී තිබෙන අතර මෙම ව්‍යාපෘතියේදී සැලසුම් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ කුරුඳු සිගරැට් නිපදවන කර්මාන්තශාලා 100 ක් ආරම්භ කර වසරකට කුරුඳු සිගරැට් ලෝක වෙළඳපොළට අපනයනය කිරීම මගින් ඩොලර් බිලියනයක පමණ අපනයන ආදායමක් රටට ගෙන්වා ගැනීමයි. ලෝකයේ හොඳම කුරුඳු නිපදවන රට වන්නේද ශ්‍රී ලංකාව බැවින් මෙමගින් රටේ ආර්ථිකයට ලබා ගත හැකි දායකත්වය අති මහත්ය.

කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන නිෂ්පාදන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. ලංකාවේ නීති පද්ධතිය සකස් වී ඇත්තේ නව නිපයුම්කරුවන් ඉදිරියට ගෙන යාමට නොව හිරේ දැමීමට නිසා නීතිය වෙනස් කොට නව නිපැයුම්කරුවන් දෙස සාධාරණව බැලිය යුතු බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23