AFC Banner
Empty Ad
Empty Ad

මන්ත්‍රී හේෂා විතානගේට අධිකරණයෙන් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති කෙටුම්පත් වාර්තාවක් මත පදනම්ව මෙම චෝදනා එල්ල වී ඇති අතර එය හේෂා විතානගේ මන්ත්‍රීවරයා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාව පදනම් කරගනිමින් 2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කළ බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව අදහස් දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කරන තුරු එම වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරන බවට එකඟත්වයක් තිබියදී මන්ත්‍රීවරයා එය නීතියට පටහැනි ආකාරයෙන් ලබාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 150 ක වන්දියක් එම මන්ත්‍රීවරයාගෙන් අය කර දෙන ලෙස ඉල්ලමින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Cricket
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?