මන්ත්‍රී හේෂා විතානගේට අධිකරණයෙන් වාරණ නියෝගයක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ගවලට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි.

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් නීතිමය පියවර ගත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති කෙටුම්පත් වාර්තාවක් මත පදනම්ව මෙම චෝදනා එල්ල වී ඇති අතර එය හේෂා විතානගේ මන්ත්‍රීවරයා මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කළ බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

විගණකාධිපති දෙපාර්තමේන්තු වාර්තාව පදනම් කරගනිමින් 2022 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුළු පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කළ බව ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ඒ අනුව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් වාර්තාවට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ එහි නිලධාරීන්ට එරෙහිව අදහස් දැක්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේට තහනම් කරමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අනාවරණය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කරන තුරු එම වාර්තාව ප්‍රසිද්ධියට පත් නොකරන බවට එකඟත්වයක් තිබියදී මන්ත්‍රීවරයා එය නීතියට පටහැනි ආකාරයෙන් ලබාගෙන ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් සිදු වූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි 150 ක වන්දියක් එම මන්ත්‍රීවරයාගෙන් අය කර දෙන ලෙස ඉල්ලමින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

Cricket


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48