වැග්නර් නායකයා රුසියාවේදී අභිරහස් ලෙස මරුට

රුසියාවේ මොස්කව් නුවර උතුරු දිග ප්‍රදේශයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් එරට කුලී හමුදාව වන වැග්නර් හමුදාවේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් මිය ගොස් ඇතැයි වාර්තාවනවා.පෞද්ගලික ගුවන් යානයක් එලෙස කඩා වැටී ඇති අතර එහි සිටි මගීන් දසදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අනතුරට හේතුව යානයේ තිබූ වයින් පෙට්ටියක් තුළ සගවා තැබූ බෝම්බයක් පුපුරා යාම බව වාර්තා පලවන්නේ.යානයේ ගමන්ගත් පිරිසගේ නම් ලැයිස්තුවේ වැග්නර් නායකයාගේ නම ද ඇතුළත් බව සඳහන්.

අනතුරින් මියගිය සියලුදෙනාගේ සිරුරු සොයා ගෙන ඇති නමුත් එහි වැග්නර් නායකයාගේ සිරුර ඇති ද යන්න මෙතෙක් තහවුරු කර නැහැ.කෙසේවෙතත් රුසියානු බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ වැග්නර් නායකයා ද අනතුරින් මිය ගොස් ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
3
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?