වසර 15කට පසු මව්බිමට ආ තක්ෂින් සිරගත කරයි

පිටුවහල් කර සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා අද (22) උදෑසන ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙන් යළි සිය මව් රටට පැමිණියා.

එලෙස පැමිණි හිටපු අගමැතිවරයා පසුව අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තායිලන්තයේ වඩාත්ම සාර්ථක නායකයා වන තක්ෂින් 2006 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණු අතර, අනතුරුව දූෂණ චෝදනා මත නඩු පවරනු ලැබුවා.

අනතුරුව ඔහුව තායිලන්තයෙන් පිටුවහල් කිරීමට තීරණය කළ අතර, 2008 වසරේදී ඔහු තායිලන්තයෙන් පළා ගියා.

ඉන් පසු ඔහුට වසර 15ක පිටුවහල් ජීවිතයක් ගත කිරීමටයි සිදුවුණේ.

අද දිනයේ යළි තායිලන්තයට පැමිණි හිටපු අගමැතිවරයා පිළිගැනීමට බැංකොක් ගුවන් තොටුපොළ වෙත ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන යාමට පෙර ගුවන් තොටුපළට රැස්ව සිටි සිය ආධාරකරුවන් ආචාර කළ ආකාරය ද දැකගත හැකි වුණා.

අනතුරුව ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගිය අතර එහිදී ඔහුට වසර 08ක සිර දඬුවමක් නියම කළා.

පසුව ඔහුව බැංකොක් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර, වැඩි කලක් ඔහුව බන්ධනාගාරයේ රඳවා තබා නොගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?