පිටුවහල් කර සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා අද (22) උදෑසන ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙන් යළි සිය මව් රටට පැමිණියා.
එලෙස පැමිණි හිටපු අගමැතිවරයා පසුව අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
තායිලන්තයේ වඩාත්ම සාර්ථක නායකයා වන තක්ෂින් 2006 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණු අතර, අනතුරුව දූෂණ චෝදනා මත නඩු පවරනු ලැබුවා.
අනතුරුව ඔහුව තායිලන්තයෙන් පිටුවහල් කිරීමට තීරණය කළ අතර, 2008 වසරේදී ඔහු තායිලන්තයෙන් පළා ගියා.
ඉන් පසු ඔහුට වසර 15ක පිටුවහල් ජීවිතයක් ගත කිරීමටයි සිදුවුණේ.
අද දිනයේ යළි තායිලන්තයට පැමිණි හිටපු අගමැතිවරයා පිළිගැනීමට බැංකොක් ගුවන් තොටුපොළ වෙත ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.
ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන යාමට පෙර ගුවන් තොටුපළට රැස්ව සිටි සිය ආධාරකරුවන් ආචාර කළ ආකාරය ද දැකගත හැකි වුණා.
අනතුරුව ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගිය අතර එහිදී ඔහුට වසර 08ක සිර දඬුවමක් නියම කළා.
පසුව ඔහුව බැංකොක් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර, වැඩි කලක් ඔහුව බන්ධනාගාරයේ රඳවා තබා නොගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.