වසර 15කට පසු මව්බිමට ආ තක්ෂින් සිරගත කරයි

පිටුවහල් කර සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවත්‍රා අද (22) උදෑසන ඔහුගේ පෞද්ගලික ගුවන් යානයෙන් යළි සිය මව් රටට පැමිණියා.

එලෙස පැමිණි හිටපු අගමැතිවරයා පසුව අත්අඩංගුවට ගෙන සිරගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තායිලන්තයේ වඩාත්ම සාර්ථක නායකයා වන තක්ෂින් 2006 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණු අතර, අනතුරුව දූෂණ චෝදනා මත නඩු පවරනු ලැබුවා.

අනතුරුව ඔහුව තායිලන්තයෙන් පිටුවහල් කිරීමට තීරණය කළ අතර, 2008 වසරේදී ඔහු තායිලන්තයෙන් පළා ගියා.

ඉන් පසු ඔහුට වසර 15ක පිටුවහල් ජීවිතයක් ගත කිරීමටයි සිදුවුණේ.

අද දිනයේ යළි තායිලන්තයට පැමිණි හිටපු අගමැතිවරයා පිළිගැනීමට බැංකොක් ගුවන් තොටුපොළ වෙත ඔහුගේ ආධාරකරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.

ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන යාමට පෙර ගුවන් තොටුපළට රැස්ව සිටි සිය ආධාරකරුවන් ආචාර කළ ආකාරය ද දැකගත හැකි වුණා.

අනතුරුව ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන ගිය අතර එහිදී ඔහුට වසර 08ක සිර දඬුවමක් නියම කළා.

පසුව ඔහුව බැංකොක් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර, වැඩි කලක් ඔහුව බන්ධනාගාරයේ රඳවා තබා නොගනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"අනේ වැදලා ඉල්ලන්නේ..මගේ බබාව සනීප කරගන්න උදව් කරන්න" "බබා හොඳටම දුර්වල වෙලා ඉන්නේ"
03:19
Video thumbnail
අද ජනපතිලා දෙන්නෙක් ඉන්නවා රටේ - හෑවගේ මොඩෙල් එක ලක්ෂ 12ට විට්ස් කාර් දෙනවා කිව්වනේ
04:06
Video thumbnail
අසාධාරණය වෙනුවෙන් ආ තරුණයාට සෙඩ් එකෙන් ගුටි පූජාවක්.."අතපය උස්සන්න එපා..වීඩියෝ කරනවා"
00:49
Video thumbnail
ආණ්ඩුව දශක ගණනාවකට හොල්ලන්න බෑ..ඒක මතක තියාගන්න - රටේ ජනතාව ආණ්ඩුව රකිනවා
05:48
Video thumbnail
ශ්‍රී මහා බෝධීන් වහන්සේ විශාල අනතුරක..වැලි මළුව වෙනස් කරලා - පල්ලේගම හේමරතන හිමි දැනුවත් නැද්ද ?
03:17
Video thumbnail
"දැන් තමයි තේරුණේ මුන් හ##ක් කියලා"ගොවියන් වසන්තටයි, ලාල්කාන්තටයි හොඳටම දෙසයි
08:12
Video thumbnail
නගරයේ බුලත්විට කා කෙළ ගැසූ අයට නිලධාරින් දුන්න දඬුවම
00:40
Video thumbnail
පෙර හිටපු රජවරු වගේ වැඩ කරන්න කියලා මට ආරාධනා කළා - අපි ලෑස්තියි
04:28
Video thumbnail
වැරදි ප්‍රවෘත්තියක් නිසා මුජිබුර්ට යකා නගියි - බන්ධනාගරයෙන් ආ කෝල් එක ගැන සියල්ල හෙළිකරයි
07:31
Video thumbnail
බීමතින් මගී බස් රථය පැද වූ රියදුරා අත්අඩංගුවට
00:29