Update – ගාල්ල බන්ධනාගාරයේ හඳුනානොගත් රෝගය ගැන පැහැදිලි කිරීමක්

ගාල්ල බන්ධනාගාරයේ ඇතිව තිබෙනවා හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පවසනවා.

අද (22) උදෑසන මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළා.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් සිදු වූ රැඳවියන්ගේ මරණ ඉකුත් 13 වන ඉරිදා සහ 20 වන ඉරිදා දිනවල දී වාර්තා වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස මියගිය රැඳවියන් දෙදෙනාගේ මරණ සම්බන්ධයන් පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමෙන් පසු විවෘත තීන්දුවක් ලබාදී ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

මෙම රෝගී තත්ත්වය හේතුවෙන් එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 09 දෙනෙක් කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මේ අතර කරාපිටිය රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් ගාල්ල බන්ධනාගාරයට පැමිණ පරීක්ෂාකර බලා එහි නිලධාරීන්ට සහ නේවාසික රැඳවියන්ට ප්‍රතිජීවක ඖෂධ ලබාදීමක් සිදුකර ඇති අතර, ඔවුන්ට මුව ආවරණ පළඳින ලෙසට ද උපදෙස් ලබාදී තිබෙනවා.

රෝගී තත්ත්වය වැළඳුණු රැඳවියන්ගෙන් උණ සහ සමේ අසාදිත තත්ත්වයන් පෙන්නුම් කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක වැඩිදුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00
Video thumbnail
ජනපති අනුර සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර තිබූ හමුව - පොදු සම්මුතියකට එළඹීම සුදුසු බව යෝජනා කරයි
01:53
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ සැලෝන් එකක් වටලයි - පලු දානවනේ මෙහෙම වුණාම..ඔක්කොම Expiredනේ..
04:47
Video thumbnail
වාසුදේවට, තමන්ගේ අයගෙන්ම දැඩි විරෝධයක්
01:02
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න
01:49
Video thumbnail
මල්වතු මහනාහිමියෝ කිව්ව ප්‍රබල ප්‍රකාශය
01:48
Video thumbnail
නීතිඥ සංගමය විපක්ෂයට කඩේ යනවද ? විපක්ෂය කොරහේ කිඹුල්ලු දකින එක නවත්වන්න
06:07